ජනාධිපතිවරණයට දින නියම කරමින් මැතිවරණ කොමිසම විශේෂ ගැසට් නිවේදනය අද (26) නිකුත් කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය 2024 සැප්තැම්ර් මස 21 වැනි දිනට දින නියම කර තිබේ.
2024 අගෝස්තු මස 15 වැනිදා ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාම යෝජනා භාර ගැනීමට සිදුවනු ඇත.
රාජගිරිය සරණ මාවතේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය නාම යෝජනා භාරගන්නා ස්ථානය ලෙස නම් කර තිබේ.
අදාල ගැසට් නිවේදනය පහත දැක්වේ.








