ජනවාරියේ විදුලි බිල වැඩි කරන්න දෙන්නෙ නෑ… මහජන උපයෝගීතා කොමිසම කියයි..

3000ක විදුලි බිල 6300 වේවි... කොහොමද මිනිස්සු දරාගන්නෙ... මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක

යම් හෙයකින් ලබන වසර තුළ  විදුලි බිල සියයට හැත්තෑවකින්  වැඩිවුවහොත් මේ වසරේ ජනවාරි මාසයේ රුපියල් දහසක් වූ විදුලි බිල ලබන වසරේ ජනවාරියේදී රුපියල් 3,000 දක්වාත්, දෙදහසක විදුලි බිල රුපියල් 6,300 ක් දක්වාත්, රුපියල් 10,000 ක විදුලි බිලක් රුපියල් 32,000 ක් දක්වාත් වැඩිවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක   පුරෝකථනය කරයි.

එය කිසිසේත්ම ජනතාවට දරාගත නොහැකි වනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම ලෙස ඔහු පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට පවතින තත්ත්වය අනුව ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබානොදෙන ස්ථාවරයක මහජන උපයෝගිතා කොමිසම මේ වන විට සිටින බව ද සභාපතිවරයා කීවේය.

 

Exit mobile version