ජනපති පොලිස් ඇමති ගේ තටු කපයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන ආරක්ෂක අමාත්‍යංශ විෂය පථය යටතේ පැවති වැදගත් ආයතන දෙකක් වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන  කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව  ජනාධිපතිවරයා යටතට පත් කර ඇත.

මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (29) ප්‍රකාශයට පත්ව ඇති අතර ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් වන්නේ ශ්‍රි ලංකා පාලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණි.

මෙහි විශේෂත්වය වන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වර්තමානයේ පවතින තත්ත්වයට පත් කිරීම සඳහා පුරෝගාමී කාර්යයක් කළ පුද්ගයකු ලෙස වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය දරන රියර් අද්මිරාල් සරත් වීරසේකර සැලකීමය.

ඔහු එම දෙපාර්තමේන්තුවේ කලක් අධ්‍යක්ෂ ජනරාල් තනතුර දැරීය. අඩු ආදායම් ලාභී පවුල්වල අධයාපන සුදුසුකම් අඩු පුද්ගලයන් සහභාගී කරවාගෙන ගොඩ නගන ලද බහුකාර්ය සංවර්ධන  කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවද මෙතෙක් පැවතියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය යටතේය.

එම ආයතනයද නව ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරයා යටතට පත්කොට ඇත

Exit mobile version