ජනපති තුමාට කැමති නම් අස්කළ හැකියි… ඇමතිකම් අත්හරින්නෙ නෑ… ගම්මන්පිල කියයි!

Udaya-Gammanpila

කැබිනට් සාමුහිකත්වය ආරක්ෂා කිරීමට නම් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර  එකඟතාවයට පැමිණි කැබිනට් පත්‍රිකාවක් තිබිය යුතු බවත්, රටටත් උසාවියටත් කියන්නට තීන්දු කළේ එම ඇත්ත බවත් පවසන බලශක්ති ඇමති තමන් කිසිම වරදක් කර නැති නිසා කැබිනට් ඇමතිකමින් ඉල්ලා අස්වන්නේ නැති බව අද පැවසුවේය.

තමන් වරදක් කර ඇති බව ජනාධිපතිතුමා විශ්වාස කරන්නේ නම් තමන්ම ඇමති ධුරවලින් ඉවත් කිරීමේ පරම අයිතිය ජනාධිපති තුමාට ඇති බවත් ඇමතිවරයා කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුනේ කැබිනට් තීන්දු විවේචනය කරන ඇමතිවරුන් එම ධුරවලින් ඉවත් වී අදාල විවේචන කිරීම වඩාත් සුදුසු බව ජනාධිපතිවරයා ඊයේ (27) පුවත්පත් කතුවරුන්ගේ හමුවේ දී කර තිබූ ප්‍රකාශයට පිළිතුර දෙමිනි.


එහිදී අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කර තිබිණි.

“නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සැබවින්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණේ නැති බවත්, ඒ පිළිබඳ සාකච්ඡාව සිදුනොවුන බවත්, විදිමත්ව අනුමත කිරීමක් සිදුනොවුන බවත් පරම සත්‍යයක්. “

ඒ සත්‍යය රටටත් උසාවියටත් කියන්න අපි තීරණය කළා. අපි ඒ කළ දේ රට රැකගැනීම වෙනුවෙන් කළ දෙයක්, හෘද සාක්ෂියට එකඟව කළ දෙයක්. අපි විශ්වාස කරන්නේ නෑ අපි වරදක් කළා කියලා. අපි වරදක් කරලා නැතිනම් අපි අස්විය යුතු නෑ. අපි අස්වෙනවා කියන්නේ, අපි වරදක් කළාය කියලා අපි පිළිගත්තා වීමයි. අපි ගත්ත තීරණය වැරදි කියලා ජනාධිපතිතුමා හිතනවා නම් එතුමාට ඕනෑම මොහොතක අපිව අස්කරන්න පුළුවන්. ඒ බව දනිමි. ඒ අවදානම ගනිමින් රටටත් උසාවියටත් ඇත්ත කියන්න අපි තීරණය කළා.

ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමන් ගාමිණී දිසානායක ඇතුළු අන් අය නඩු තීන්දුවේ දී ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩලයේ දී අමාත්‍යවරුන්ට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් නොලැබුණොත් අමාත්‍යවරුන්ට ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් පිටත දී අදහස් දැක්වීමට අයිතියක් තිබෙනවා කියලා. අපි මේ අවස්ථාවේදී භාවිත කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සඳහන් කළ දේ ශුද්ධ වු අයිතියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ

Exit mobile version