ජනපතිගේ තෙමසක වැටුප දන් දීම හමුවේ ඇමතිලා ගොළුවත රකිති

ජනාධිපති ගෝඨාභට ය රාජපක්ෂ මහතා ඔහුගේ තෙමසක වැටුප කොවිඩ් අරමුදලට ලබා දුන්නද ඔහුගේ කැබිනට් මණ්ඩලයේ කිසිදු සාමාජිකයකු මෙතෙක් තම තෙමසක වැටුම තබා වැටුපෙන් අඩක්වත් මෙම අරමුදල වෙනුවෙන් ලබා දිමට කටයුතු කර නොමැති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා තම තෙමසක  වැටුප වන රුපියල් 2,93000ක මුදල පසුගියදා කොවිඩ් 19 අරමුදල වෙනුවෙන් ලබා දීමට පියවර ගත් අතර ජනාධිති ලේකම් ආචාර්ය පි.බී ජයුන්දර මහතාද තම වැටුප මෙම අරමුදලට ප්‍රදානය කළේය.

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ සෑම පියවරක්ම ඉහළින් අගයන ප්‍රශස්ති ගී ගයන අමාත්‍යවරු ජනාධිපතිවරයාගේ මෙම ආදර්ශමත් පියවර ආදර්ශයට ගන්නට සූදානමක් නොමැති බව වාර්තා වෙයි. අඩුම තරමින් ඔවුන් ජනාධිපතිවරයා ගත් පියවර ඇගයිමට ඔවුන්  ක්‍රියා කොට නැත . මේ පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙරට මධ්‍යම පළාත නියෝජනය කරනන අමාත්‍යවරයකුගෙන් මේ පිළිබඳව විමසුවද ඔහු එහිදී කියා සිටියේ අපටත්  කොරෝනා සහනාධාර ගන්න තරමට අසරණ වෙලා ඉන්නේ. ඡන්දෙට වියදම් කරන්නවත් සල්ලි නෑ යනු‍වෙන් බව මෙම හිටපු මන්ත්‍රීවරයා ලංකාසර වෙත පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ්‍ය සේවකයන්ගේවැටුපෙන් අඩක් හැකිනම් රජයට පරිත්‍යාග කරන ලෙස ඉල්ලා අන්දෝනලයට ලක් වූ ජනාධිපතිවරයාගේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දරද ඔහුගේ දිසයුලම දීමනා ඇතුළත් මැයි මාසයේ  වැටුප වැන්දඹු සහ අනත් දරු අරමුදල වෙත පසුගියදා ප්‍රදානය කළේය. ජනාධිපති කාර්යාලය විසින් ස්ථාපනය කරන ලද මෙම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජාරක්ෂණ අරමුදල මේ වන විට රුපියල් බිලියනයකට  අධික මුදලක් එකතු වී තිබේ.


 

Exit mobile version