ජනතාවට අද සිට – මන්ත්‍රීලාට හෙට සිට කොවිඩ් එන්නත් කෙරේ

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත කොවිඩ් එන්නත හෙට (16) සිට ලබන (19) දක්වා ලබාදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව යුධ හමුදා රෝහලේදී එම එන්නත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක ය.

මේ අතර කොවිඩ්‌-19 වෛරසය සඳහා වන එන්නත ජනතාව වෙත ලබාදීම අද (15) සිට ආරම්භ කර තිබේ.


කොවිඩ්‌-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ මෙම එන්නත ලබාදීම පළමුවෙන්‌ බස්නාහිර පළාතෙන්‌ ආරම්භ කෙරෙන බව ය.

මුල්‌ අදියරේදී බස්නාහිර පළාත තුළ වාසය කරන කොච්ඩ්‌-19 ආසාදනය වීමට වැඩි ඉඩකඩක්‌ ඇති අවදානම්‌ කලාපයන්හි සිටින පිරිස්‌ හඳුනාගෙන ඔවුන්‌ සඳහා එන්නත්‌ ලබාදීම සිදුකෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස්‌ පරිදි පොදු ජනයාට එන්නත ලබාදීම අද ආරම්භ විය.

Exit mobile version