ජංගම දුරකථන විදුලි උපකරණ ඇතුළු ආනයන භාණ්ඩ රැසකට මහ බැංකුවෙන් කොන්දේසියක්

අත්‍යවශ්‍ය නොවන හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීමේ දී  සියයට සියයක ආන්තික මුදල් තැන්පතු කිරීම (100 per cent cash margin deposit requirement) වහාම ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රි ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

පසුගිය 2021 සැප්තැම්බර් මස 08 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව බලපත්‍ර ලාභී වාණිජ බැංකු මඟින් ණයවර ලිපි (Letters of Credit) හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි (DA) ලබා දීමේ කොන්දේසි යටතේ භාන්ඩ ආනයනය කිරීමේදි මෙය ක්‍රියාත්මක වන බව මහ බැංකුව සදහන් කරයි.

අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට මෙම තීරණය ද සහය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන නිෂ්පාදන කාණ්ඩවල සාරාංශයක් සමඟ 2019, 2020 සහ 2021 වසරේ මේ දක්වා (තාවකාලික) එසේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයන්ට යටත් වන සෑම කාණ්ඩයකම ආනයන වියදම් පිළිබඳ තොරතුරු පහත වගුවේ දක්වා ඇත

Exit mobile version