‘ඡන්ද පොරොන්දුවලට නොරැවටී අපේක්ෂකයන්ගේ පැටිකිරිය බලා ඡන්දය දෙන්න’

GMOA ඉල්ලයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය භාවිත කරන විට අපේක්ෂකයන් විසින් මේ මොහොතේ ඡන්දය ඉලක්ක කර ලබාදෙන පොරොන්දුවලට නොරැවටී ඔවුන්ගේ අතීතය සහ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳ සිතාබලා ඡන්දය භාවිත කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඡන්දය භාවිත කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුණු පිළිබඳ දසවැදෑරුම් යෝජනා එම සංගමය විසින් ඉදිරිපත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


  1. රට සහ රටේ අනාගත පරපුර අනතුරට හෙලන ජාත්‍යන්තර ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් පවා නොමැතිව අත්සන් තැබීමට දරන උත්සාහයන් පරාජය කිරීමට හැකි පුද්ගලයෙක් වීම.
  2. රටේ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති දේශීය පාරම්පරික ආහාර රටාවක් සහතික කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන අයෙක් වීම.
  3. නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය සහතික කිරීම හා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රැක ගැනීමට දායකත්වය ලබාදීම.
  4. මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි විරෝධී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම.
  5. රටේ ජාතික ධනය ජනතා සුබසිද්ධියට ප්‍රමුඛව ලබාදී පරිහරණය කරන බවට සහතික වන පුද්ගලයෙක් වීම.
  6. ඖෂධ මාෆියාවට යටත් නොවන චරිතයක් වීම හා විදේශ කිරිපිටි සමාගම් හා කෘෂිරසායන සමාගම් ඇතුළු බහු ජාතික සමාගම්වල න්‍යාය පත්‍රයන් පරාජය කිරීමට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන අයෙක් වීම.
  7. වෘත්තීයවේදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කල හැකි ඔවුන්ගේ විද්වත් මතයට ගරුකරන මහජන මතයට සංවේදී වන පුද්ගලයෙක් වීම.
  8. සෞඛ්‍යයට අදාළ යල්පැනගිය අණපනත් මහජන සුබසිද්ධිය ඉලක්ක කර ගනිමින් යාවත්කාලීන කිරීම සදහා දායකත්වය සැපයීමට හැකිවීම.
  9. පවතින covid-19 නිරෝධායන නීතිරීති කඩ නොකරමින් තම මැතිවරණ ව්‍යාපාරය සංයමයක් සහිතව සිදුකළ පුද්ගලයෙක් වීම.
  10. රට තුළ ස්ථාවරව පවතින පද්ධතියෙන් ජාත්‍යන්තර අවශ්‍යතා අනුව බිඳ දැමීමට කටයුතු නොකරන පුද්ගල චරිතයක් වීම.

Exit mobile version