චීන සහ රුසියානු එන්නත් ලංකාවේ හදන්න යයි… මූලික සාකච්ඡා ඇරඹිලා…

රුසියානු ස්පුට්නික් එන්නත හා චීන සයිනොෆාම් එන්නත ලංකාවේ නිශ්පාදනය කිරීම සඳහා මූලික සාකච්ඡා ආරම්භ කළ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

එහි මුල්ම අදියර ලෙස එන්නත් ලංකාව තුළ පිරවීම සඳහා සැලසුම් කර ඇති බවත් යුරෝපීය ප්‍රමිතිය සහිත ඉහළ ඖෂධ නිශ්පාදනාගාර දෙකක් අප සතුව ඇති බැවින්  එම නිශ්පාදනාගාර තුළ එන්නත් පිරවීම එම රටවල නිශ්පාදන ආයතනයන්හි තාක්ෂණික කමිටුවල විද්‍යාත්මක නිරීක්ෂණයකින් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව සිදුකිරීමට නියමිත බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

ඔහු නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.


“ රුසියාව චීනය හා ඇමරිකාවේ ඇති එන්නත් නිශ්පාදන ආයතන සමග මේ වනවිට මා සාකච්ඡා තිබෙනවා.  විශේෂයෙන්ම චීන සයිනොෆාම් හා රුසියානු ස්පුට්නික් එන්නත්  ලංකාවේ නිශ්පාදන කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව තමයි අවධානය යොමු වන්නේ.

ලංකාව තුළ  එන්නත  නිශ්පාදනය සංකීර්ණ ක්‍රියාවලිවලියක්. මුලින්ම අප උත්සාහ කරන්නේ එන්නත් පිරවීම සඳහා ඉඩකඩ තියනව ද බලන්න.

අපේ රටේ යුරෝපීය ප්‍රමිතිය සහිත ඖෂධ නිශ්පාදනාගාර දෙකක් තියනවා. මේ කටයුතු ආරම්භ කරන්නෙ එම නිශ්පාදනාගාර එක්ක    සම්බන්ධ වෙලා. ඒ නිශ්පාදන සමාගම්වල කමිටු ඇවිත් අපේ ස්ථාන පරීක්ෂා කරලා ඔවුන්ගේ එකඟතාවය ලබාගෙන  ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් අනුමැති සහිතව ඒ එන්නත් පිරවීම ආරම්භ කරනවා. එනන්තක් නිශ්පාදනය කරනවා කියන   ජෛව විද්‍යාත්මක කාර්යයක්. ඒ ජෛව විද්‍යාත්මක  කාර්යයට අවශ්‍ය දේ වෙනස්. ඒ සඳහා ටික කාලයක් යයි. නමුත් එනන්ත් පුරවලා අවසාන නිශ්පාදනයට යන එක ඉක්මනින් ආරම්භ කරන්න පුලුවන් වේවි. ඒ ක්‍රියාවලිය යන අතර තුර අපට එන්නත් නිශ්පාදනය පටන්ගන්න පුලුවන් වේවි.

මේ වනවිට රුසියානු හා චීන තානාපති කාර්යාල දෙකම අපට දැනුම් දීලා තියනවා ඒ අයගෙ තාක්ෂණික කමිටු එක්ක එකතුවෙලා මේ ස්ථාන  අධීක්ෂණය කරන්න. ඇමරිකාව අපේ ඉල්ලීමට මැදිහත් වෙන්නෙ අධිතාක්ෂණික ඖෂධ නිශ්පාදනය කිරීම සඳහා පහසුකම් සලසන්න.    ඔවුන්ට අවශ්‍යයයි  රාජ්‍ය මැදිහතවීමක් සහිත උසස් තත්වයේ ඖෂධ නිශ්පාදනාගාරයක් හදන්න. ඒ නිශ්පාදනාගාරයේ නිශ්පාදන අපේ රටට වගේම ඇමරිකාවටත්  ගන්න ඒ අයගෙ සැලැස්මක් තියනවා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සභාපතිවරයා පැහැදිලි කළේය.

Exit mobile version