“චීන විදේශ ඇමති පිළිගන්න යන්නෙ ක්‍රීඩා ඇමති! ඒක චීනෙත් එක්ක සිද්ධවෙන පවුලෙ බිස්නස් එකක්…“

චීන විදේශ ඇමති පිළිගන්නට යන්නේ විදේශ ඇමති නොව ක්‍රීඩා ඇමති බවත් මේ සිද්ධවෙමින් ඇත්තේ පුද්ගලික මට්ටමින් සිදුවන පවුලේ ගනුදෙණු විනා රටට හිතවත් සංවර්ධණ ව්‍යාපෘති නොවන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ෆීල්ඩ් මාර්ෂල්වරයා ප්‍රශ්න කරන්නේ මේ තරම් විශාල රටක ඇමතිවරු සතියකට සැරයක් ලංකාවට ගොඩබසින්නේ ඒ රටවල වැඩ නැති නිසා නොවන බව අප කල්පනා කළ යුතු බවය.

ෆීල්ඩ් මාර්ෂල්වරයා මෙසේත් පැවසීය.


“චීනයෙ ඇමතිවරුන්ට ඒ රටේ රාජකාරි නෑ  වගේ. සුමානෙකට සැරයක් ඇවිත් මේ රටට බහිනවා. ඔච්චර විසාල  රටක ඉන්නෙ ඇමතිවරු හැම තිස්සෙම මේකට රිංගන්නෙ මොකද කියන එක ප්‍රශ්නයක් තියනවා නෙ.

අනිත් එක අපි දැක්කා විදේශ ඇමති පිළිගන්න ගියෙ ක්‍රීඩා ඇමති. අපේ විදේශ ඇමති ගියෙ නෑ. මේව ඔක්කොම පුද්ගලික මට්ටමින් වෙන ගනුදෙණු. ඒ ගනුදෙනුවලට තමයි මේ ගොල්ලො එන්නේ. ඒ පිළිගැනීම් ඔක්කොම පුද්ගලික මට්ටමින් සිද්ධවෙන්නේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔය මොන ඇමතියෙක් ආවත්, කවුරු ගිහින් පිළිගත්තත් ඔය එන අය එන්නෙ අපට ආදරේට නෙමෙයි. කොඩිවින කළෙත් ඔයගොල්ලො. මේ ගොල්ල ආරාධනා කරලා ඒ ගොල්ල ගෙන්න ගන්නවා. ඉතිරි ටිකත් පූජා කරන්න තමයි දඟලන්නේ.

Exit mobile version