චීන පොහොර සමාගමින් ගෙන්වන්න යන හයිබ්‍රිඩ් පොහොර රටේ ප්‍රමිතිය මගහැරීමක් ද?- විද්වත්හු අසති!

රටට ඝණ කාබනික ද්‍රව්‍ය හෝ කොටස් ගෙන්වීමේ දී කිසිම අයුරකින් බැක්ටිරීයා ඇතුළු ක්ෂුද්‍රජීවීන් ඇතුළත් නොවිය යුතුය යන නිර්නායක මත බලගැන්වූ 1704 ප්‍රමිතිය කිසිසේත්ම වෙනස් නොකරන බවට විෂය ප්‍රමාණික විද්වතුන් එකහෙළා ප්‍රකාශ කරනවිට කාබනික ද්‍රව්‍ය සඳහා ඇති මෙම ප්‍රමිතියට යටත් නොවනසේ  “ හයිබ්‍රිජඩ් නාමයෙන්“ චීන  කාබනික පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියක් දියත් වෙමින් ඇති බව කෘෂිකර්ම ක්ෂේත්‍ර ආරංචි මාර්ග හෙළි කරයි.

පසුගිය 11 වැනිදා පස්වරුවේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විද්වතුන් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් අමාත්‍යාංශ ප්‍රධානීන් මෙම ප්‍රමිතිය සම්බන්ධව කළ සාකච්ඡාවේ දී සියලුම විෂය ප්‍රමාණිකයන් කිසිම බෙදීමකින් තොරව කියා සිටියේ  මෙම ප්‍රමිතිය පවත්වා ගැනීම අනිවාර්ය බවත්, එහි වැදගත්කමත්  ය.

ඒ සාකච්චාවේදී අන්තිම තින්දුව වූයේ 1704 ප්‍රමිතිය වෙනස් කර නොගන්නා බවය.


අනතුරුව ශාඛ නිරෝධායන මධ්‍යස්ථානය කෘෂිකර්ම විද්වතුන්, අමාත්‍යංශ විද්වතුන් නැවත වරක් රට තුළට  පොහොර ගෙන්වීමට ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව සාකච්ඡා කළ අතර සාකච්ඡාව අතර තුර කෘෂිකරම් අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ඩී. එම්. එල්. ඩී. බණ්ඩාරනායක කියා සිටියේ ප්‍රතික්ෂේපිත පොරහොර තොගය ගෙන්වා වන්දියකුත් ගෙවන්නට වූ ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගමෙන් හයිබ්‍රිඩ් පොහොරක් ගෙන්වීමට ඉඩ ඇති බවය.

මෙම හයිබ්‍රීඩ් පොහොර කාබනික ද, අකාබනික ද, අවලංගු කළ කාබනික පොහොර ටෙන්ඩරයෙන් මේ හයිබ්‍රිඩ් පොහොර ගෙන්විය හැකි ද, එහි සංයුතිය කුමක් ද, ඇතුළු ප්‍රශ්න රාශියක් ක්ෂේත්‍රය තුළ මතු වෙද්දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යා පීඨයේ ආචාර්ය වර්ශි දන්දෙණිය සිය ෆේස් බුක් ගිනුමේ මෙවැනි සටහනක් තබා තිබුණාය.

“අපට වන්දි ගෙවන්නට සිදුවූ අපේ ප්‍රමිතියට අනුකූල නොවූ චීන පොහොර කාටත් මතක ඇතැයි සිතමි. අපේ පරිසරයට හානිකර බැක්ටීරියා සහිතවූ එම පොහොර රට තුලට ගැනීමට චීන හෙන්චයියන්ට නොහැකි වුනේ SLS 1704 ප්‍රමිතියට පිංසිදුවන්නටය.“

“මෙම ප්‍රමිතිය ඉවත් කිරීමට ඔවුන් නොගත් උත්සාහයක් නැත. එය අසාර්ථක වූ තැන මෙම සට කපට බලධාරීන් නව උපායක් සකසමින් සිටියි.“

“ඒ අර SLS 1704 ප්‍රමිතියට යටත් නොවන ලෙස පොහොර වර්ගයක් වෙනස් කර ගෙන්වීමයි. මොවුනට කල නොහැක්කක් නොමැත. රට ජාතිය බල්ලාට ගියද මොවුන් මේ දේ කරනු ඇතිබව සංවේගයෙන් පවසමි…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපේ පරිසරයම විනාශ වන රෝගකාරක බැක්ටීරියා සහ වයිරස රට තුලට ගැනීමට දොරටු සදන්නේ අපේම උන් වීම මොනතරම් කණගාටුවට කරුණක්ද.“

 

 

Exit mobile version