චීන පොහොර නැව ඇතුළට ගන්නෙත් නෑ.  ගෙවන්නෙත් නෑ… නැවත සාම්පල් පරීක්ෂාවකුත් නෑ…. කෘෂිකර්ම ඇමති අලුතින් සහතික වෙයි!

චීන පොහොර නැව වාරය තුළට ගන්නේ නැති බවත්, ඊට මුදල් ගෙවන්නේ නැති බවත්, මේ නැවෙන් තුන්වන සාම්පලයක් පරීක්ෂා කරන්නේ නැති බවත් තමන්ගේ නැති වී ගිය විශ්වාසය වෙනුවෙන් කරන සටනට අනුකම්පා කළ යුතු බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අද ( 27) මාධ්‍ය හමුවේ පැවසුවේය.

ඔහු මාධ්‍ය හමුවේ මෙසේ ද කීවේය.

“නැව චීනයෙන් පිටත් වෙන්න කලින් බලපත්‍රයක් ලබා ගත යුතුයි. මේ වාණිය බලපත්‍රයත් නැතිව තමයි නැව පිටත් වෙන්නේ.  ලංකා පොහොර සමාගම ඔවුන්ට ඊමේල් පණිවිඩයක් යවලා තියනවා  ඔබ මේ බලපත්‍රය නැතිව ඇවිත් තියෙන්නෙ කියලා. “


“ක්ෂුද්‍රජීවී පරීක්ෂාවෙදි අහිතකර ක්ෂුද්‍රජීවීන් ඉන්නවා, ඒ නිසා මේ පොහොර ගන්න බෑ කියලා අපි ඔවුන්ට දන්වලා යවලා තියනවා. චීනෙන් මෙහෙ එන ෂිප්මන්ට් එක විතරයි අපි රිජෙක්ට් කරලා තියෙන්නෙ.“

“අපි මේ ඇවිත් තියන නැව ඇතුළට ගන්නෙත් නෑ. මේ ෂිප්මන්ට් එකෙන් සාම්පල් චෙක් කරන්නෙත් නෑ. මේ ෂිප්මන්ට් එකට පේමන්ට් එක කරන්නෙත් නෑ. අපේ ගිවිසුමට අනුව ටෙන්ඩර් එකට අනුව මේ අය නැවත ආපහු ගිහින් අපේ ස්පෙෂිපිකේෂන් එකට අනුව හරි පොහොර ටික හදලා ආවොත් අපි පොහොර ටික ගන්නවා. අපි මුදල් ගෙවනවා. කතාව එතනින් අවසානයි.“

ඇමතිවරයා සිනාසෙමින් කීවේය.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ තුන්වන පාර්ශවයකට මේ නැවේ පොහොර සාම්පල පරීක්ෂාවට ලබා දෙනවා ද නැද්ද යන්නය.

“තුන්වන පාර්ශවයකට ටෙස්ට් කරන්න දෙන්නෙ අලුත් ෂිප්මන්ට් එකක්. පටලා ගන්න එපා.  දැන් මේ සමාග ක්‍රෙඩිබිලටිය වැටෙන්න දෙන්නෙ නැතිව තියාගන්න පොඩි සටනක් කරනවා. ඒ අයට අනුකම්පා කරන්න. අපි ආණ්ඩුව හැටියට මෙතන ඉන්නවා. “ ඇමතිවරයා පැවසුවේය.

තවද කෘෂිකර්ම ඇමතිවරයා  කීවේ රාජ්‍ය ඇමැතිවරායා චීන තානාපතිවරයා  හමුවී තිබුණේ      මේ නැව චීනයට රැගෙන යන ලෙස දැනුම්දීම සඳහා බවය.

“ඇමතිතුමා චීන තානාපති හම්බවෙලා කිව්වෙ මේ ෂිප්මන්ට් එක නැවත චීනයට ගෙනියන්න. ගෙනිහින් අපි කියන ස්ටෑන්ඩර්ඩ් එකට හදන්න. හදලා ඒ හදන පොහොර ටික ඉන්ඩිපෙන්ඩන්ට් ලැබ් එකකට දාලා චෙක් කරන්න. එතකොට අපට අපේ ලැබ් වලත් ටෙස්ට් කරලා ඒ ගැන තීන්දුවක් ගන්න පුලුවන් කියලා. “ කෘෂිකර්ම ඇමතිවරයා කීවේය.

කෙසේ වෙතත් ඊයේ මාධ්‍ය ඇමතූ කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ කීවේ  මෙවැන්නකි.

“ ඔවුන් කීවෙ අපේ රටේ තියන විද්‍යාගාරවල කරන  පරීෂණ එයාලට පිළිගන්න බෑ. ඒවා accredited laboratory ( පිළිගත් රසායනාගාර)   නෙමෙයි.  අපි දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයක මේ පරීක්ෂණය කරන්න කියලා ඔවුන් ඉල්ලා සිටියා.

“මේ ආයතනය ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව වගේ ලෝකයේ ප්‍රධාන රටවල් 16කට පෝර නිශ්පාදනය කරන ආයතනයක්. මේ පොහොරවල ප්‍රමිතිය පිළිබඳ අපට අවබෝධයක් ගන්න කියලා ඔවුන් කිව්වා. “

“අපි කිව්වා අපි දෙගොල්ලම කැමතිවන තුන්වන පාර්ශවයකට දෙමු මේ පොහොර අධ්‍යයනය කරන්න කියලා. ඊට පස්සේ අපි තීරණයක් ගනිමු කියලා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ප්‍රවෘත්ති සාකච්ඡාව දෙරණ වාර්තා කර තිබුණේ මෙසේය.

Exit mobile version