චීන පර්යේෂණ යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණීම ගැන ඉන්දියාවේ අප්‍රසාදය!

යුවාන් වන්ග් 5 යාත්‍රාව...

අභ්‍යාවකාශ හා චන්ද්‍රිකා පාලනයට සම්බන්ධ පර්යේෂණ යාත්‍රාවක් වන ‘යුවාන් වන්ග්5’ නැමැති චීන යාත්‍රාව මේ වන විට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළං වෙමින් සිටින අතර නෞකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන බවට පැහැදිලි පණිවිඩයක් ඉන්දියාව විසින් සන්නිවේදනය කරන ලද බව වාර්තා වේ.

‘බෙල්ට් ඇන්ඩ් රෝඩ් (BRISL) ’ ව්‍යාපෘතීන්වලට අදාල වෙබ් අඩවියේ සටහන්ව ඇත්තේ යුවාන් වන්ග් 5 යාත්‍රාව චීනයේ ජියෑන්ගින් වරායෙන් ජූලි 13 වැනිදා ගමන් ඇරඹූ බවත් එය තායිවානය පසු කර මේ වන විට නැගෙන චීන මුහුදේ යාත්‍රා කරන බවත් ය.

එමෙන්ම එහි මෙසේ ද සඳහන් වේ.

‘යාත්‍රාව ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ අගෝස්තු 11-17 දින කිහිපය තුළ නැවත පිරවීම සඳහා නැංගුරම්ලන අතර ඒ දින කිහිපයේදී ද ඉන්දියානු සාගර කලාපයේ වයඹ දිග ප්‍රදේශයේ අභ්‍යාවකාශ හා චන්ද්‍රිකා පාලන හා පර්යේෂණ කටයුතු දිගටම සිදු කරනු ලබයි.


යුවන් වන්ග් 5 යාත්‍රාව හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම ශ්‍රී ලංකාවට සේම කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ද අභ්‍යාවකාශ වැඩසටහන් ඉගෙන ගැනීම හා සංවර්ධනය සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට ද කදිම අවස්ථාවක් වෙනු ඇත…”

මේ අතර  BRISL අධ්‍යක්ෂ යසිරු රණරාජා පවසා තිබෙන්නේ මෙය හමුදා යාත්‍රාවක් නොවන බවත් මෙහි ගමන් මඟ ඕනෑම අයෙකුට දැක ගත හැකි පරිදි අන්තර්ජාලයේ සටහන් වෙන බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අරින්දම් බග්චි මාධ්‍ය හමුවක් අමතමින් පවසා තිබෙන්නේ මෙම යාත්‍රාව අගෝස්තු මාසයේදී   යෝජිත සංචාරය පිළිබඳ තොරතුරු තමන් දන්නා බවත් ඉන්දියාවේ ආරක්ෂාව හා ආර්ථික අවශ්‍යතා කෙරෙහි බලපාන ඕනෑම සංවර්ධනයක් රජය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කර ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ලබා ගන්නා බවත්ය.

Exit mobile version