බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන කොලනියක් වීමේ බිහිසුණුකම ටිබෙටයෙන් ඉගෙනගෙන “මකර කටට“ පනින්න!

by editor
ජනවාරි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනය දෙසැම්බර් 12 වැනිදාය. චීන්නු මෑත ඉතිහාසයේ   මානව ශිෂ්ඨාචාරයේ සිදුවූ අශිෂ්ඨ  මුග්ධකම    කරමින් සිටියහ. එම අවස්ථාව   ඡායාරූපයට නැගීමට හෝ වීඩියෝ දර්ශන ගැනීමට කිසිවෙකුට ඉඩ දුන්නේ නැත.

ටිබෙට්වරුන් විසින් ටිබෙටයේ බටහිර සිචුවාන් පළාතේ ඛාම් හි ඩ්‍රැක්ගෝ  බෞද්ධ ආරාමය අසල ඉදිකර තිබූ අඩි 99ක් උස සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ ටිබෙටයේ   චීන ප්‍රාදේශීය පාලක වැන්ග් ඩොංෂෙන්ග් ගේ මූලිකත්වයෙන් යුතුව චීන නිර්දේශ ප්‍රකාරව කඩා කුඩු කර දැම්මේය.

ඒ අපරාධය සිදුකරනු ලැබුවේ මෙම ප්‍රතිමාවහන්සේ ඉදිකිරීම සඳහා දායකවූ ටිබෙට් වැසියන් ද,  ඛාම් පලාතේ  ආරාම වාසී ටිබෙට් භික්ෂූන්වහන්සේ ද බලහත්කාරයෙන් ගෙන්වා ප්‍රතිමාව අභියස සිටුවීමෙන් පසු ඔවුන්ගේ දෑස් අභියසය. ඒ දැවැන් ලෝකුරු බුද්ධ ප්‍රතිමාවහන්සේ බිඳ දමන්නට පුරා දින 09ක් ගත විය. ඒ දින 09 තුළම එම අපරාධය සිදුකරනු බලා සිටින්නට මේ මිනිස්සුන්ට නියම වී තිබිණි.

මේ ඇසෙන්නේ සියවසකට එහා කතාවක් නොවේ. මීට සති දෙකකට පෙර  චීන්නුන්ගේ බලාධිපත්‍යයට යටත් වූ ටිබෙටයේ සිදුවූවකි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙබඳු තුප්පහිකමක් කළ හැකිව තිබූ අප දන්නා මෑත  ඉතිහාසයට අයත් වන්නේ තලේබාන්කරුවන්ය. ආගමික  උම්මන්තකයන් වූ තලේබාන් හැසිරීම්   ගැන තේරුම් ගැනීමට හැකි  යථාර්ථයක් තිබිණි. එහෙත් ශිෂ්ඨත්වය සම්බන්ධව වෙනත් මානයකින් යුතුව ලෝක ආර්ථික බලවතා වීමට උත්සාහ කරන චීනයේ මේ වියරු අශිෂ්ඨත්වය ලෝකය එක් මොහොතකට තිගැස්සුවේය. ඇඳන් සිටින ටයිකෝට්වලට යටින් සිටින අමු තිරිසනාගේ හැඩය රූපණය වූ හෙයිනි.

 බුද්ධ ප්‍රතිමාවහන්සේ 2015 ඔක්තෝම්බර් 5 වන දින බැතිමතුන්ගේ වන්දනාවට විවෘතවූ අවස්ථාව…

ඩ්‍රැක්ගෝ ප්‍රතිමාවහන්සේ –

වර්ෂ 1973 දී ඛාම් සහ ඩ්‍රැක්ගෝ පළාත්වල විශාල භූමිකම්පාවක් ඇතිවිය. ටිබෙටය මළගමක් කළ ඒ මහා ව්‍යසනයට දහස් ගණන් පුරවැසියෝ ගොදුරු වූහ. දශක ගණනාවක් පුරා මේ කඳුකර රාජ්‍යයේ මිනිස්සුන්ට ඒ මහා ව්‍යසනයේ මතක අමත කළ නොහැකි විය.

ටිබෙටයේ ඛාම් හා ඩ්‍රැක්ගෝ ප්‍රාන්ත වාසී දේශීය ටිබෙට් ජාතිකයන්ගේ මූල්‍ය ආධාර ඇතිව වර්ෂ 2015 දී අඩි 99ක් උස ඩ්‍රැක්ගෝ ලෝකඩ ප්‍රතිමාවහන්සේ  ඉදිවන්නේ  සාගතයෙන්, යුද්ධය සහ ගින්නෙන්, ජලයෙන්, භූමියෙන්  සහ සුඟින්වන  ව්‍යසනයන් වළක්වා ගැනීමේ ධාරණාවන් සහිතවය.

ලෝකඩ ප්‍රතිමා වහන්සේ ඉදිවන්නේ දැඩි පරිශ්‍රමයකිනි. මෙම ප්‍රතිමාවහන්සේ නිම කිරීමට ඩ්‍රැක්ගෝ හි දේශීය ටිබෙට් ජාතිකයන්ගේ නොමසුරු දායකත්වයෙන් යුආන් 40,000,000 (ඇමරිකානු ඩොලර් මිලියන 6.3 ක් පමණ) පමණ වියදමක්  දැරුවේය. ලෝකයේ අනාගත ශාන්තිය වෙනුවෙන් නිර්මාණය කළ  බුද්ධ ප්‍රතිමාවහන්සේ 2015 ඔක්තෝම්බර් 5 වන දින බැතිමතුන්ගේ වන්දනාවට විවෘත වූයේය.

චීන විරෝධය –

ටිබෙටය විෂයෙහි චීනයේ නින්දාසහගත හැසිරීම ලෝකයට පෙනෙන්නේ නැත. පෙනුනත් නොදැක්කේ සිටීමට ඔවුහු රුචිවෙති. එබඳු පීඩනයකට ලක් කළ ටිබෙටයේ දී චීන අනුමිතීන්ට ඉහළින් වැඩකිරීමට ටිබෙට් වැසියන්ට කිසිම හැකියාවක් නැත.

වර්ෂ 2015 දී මෙම ප්‍රතිමාවහන්සේ ඉදිවන්නේ සියලුම චීන නිර්නායකයන්ට යටත්ව බව ටිබෙට් වාර්තා දක්වන්නේය. ඩ්‍රැක්ගෝ  “ ආරාමවාසී ටිබෙට් භික්ෂූන්වහන්සේ ඇතුළු මෙම බුද්ධ ප්‍රතිමාවහන්සේ ගොඩනැගීමට මුල් වූ ටිබෙට් හිමිවරුන් දක්වා සිටියේ ප්‍රතිමාවහන්සේ ඉදිකිරීමට අවශ්‍ය සියලුම නීත්‍යානුකූල ලියකියවිලි තමන් සතුව තිබූ බවය.

අවශ්‍ය සෑම අවසරයක්ම  දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබා ගත් බවය. මේ ඉදිකිරීම සිදුවූ අවස්ථාවේ එය    පළාත් පාලන ආයතනවල ප්‍රශංසාවට පවා ලක්ව තිබුණේය. අසීමිත භක්තියකින් යුතුව ටිබෙට් වැසියෝ මෙම ප්‍රතිමාවහන්සේ වන්දනා කළහ.

කෙසේ වෙතත්, පසුගිය වසර දෙක තුන තුළ ප්‍රදේශයට පැමිණි ඉහළ චීන නිලධාරීන් ප්‍රතිමාවේ විශාලත්වය විවේචනය කර තිබිණි. එවැනි උසකින් යුතු ප්‍රතිමා ටිබෙටයට තහනම් බව ප්‍රකාශ වන්නේ ඉන් අනතුරුවය.  ඉදිකිරීම නීති විරෝධී බව දක්වා නිල පැමිණිලි ගොනු කෙරනි. පසුව   චීන පාලනය මෙම දැවැන්ත ප්‍රතිමාවහන්සේ ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දුන් ලේඛන අවලංගු කළේය. ඉදිකර හය වසකරට   පසු ප්‍රතිමාවහන්සේ    කඩා දැමීමට නියෝග කෙරිනි.

නීත්‍යානුකූලව ඉදිකිරීමක් ඉවත් කිරීම කළ යුතුනම් එය පිළිගත හැකිය. එහෙත් මේ චීන වියරු පාලනය ප්‍රතිමාවහන්සේ කුඩු කරදැමීම සිදුකරනු ලැබුවේ තලේබාන් උම්මන්තකයන්ටත් වඩා මුග්ධ ආකාරයටය.

ප්‍රතිමාව ඉදිකර වන්දනාමාන කළ ටිබෙට්  වැසියන්ව රැසුවන්නට නියෝග කෙරනි.  ඩ්‍රැක්ගෝ   ආරාමවාසී භික්ෂූන් ප්‍රතිමා වහන්සේ අභියස අනිවාර්යයෙන් සිටිය යුතු විය. එම අවස්ථාවට එක් නොවන සෑම භික්ෂුවක්ම බන්ධනාගාරගත කර දණ්ඩනයට ලක් කරන බවට නියෝග නිකුත් විය.

බලහත්කාරයෙන් එක් රැස් කළ මිනිස්සු  මිනිස්සු හඬා වැටෙද්දී මහා සංඝයාවහන්සේ ගේ උපේක්ෂා සහිත දෑස් බොඳවී යද්දී   ප්‍රතිමාවහන්සේ විනාශ  කරනු ලැබීය.

ඒ සමගම ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායේ එන සජ්ජායනාවෙන් පූජනීයත්වයට පත් කළ ඩ්‍රැක්ගෝ ආරාමය අසල ඉදිකළ පූජනීය චක්‍ර 45ක් සුනු විසුණු කෙරනි. ස්ත්‍රෝත ස්ජ්ඣායානාවෙන් පූජීනියත්වට පත් කළ ටබේට් බෞද්ධ සම්ප්‍රදායේ පැනෙනා පූජනීය කොඩි පුච්චා දැමිනි.

චීන්නු ටිබෙටය ඉතිහාසයෙන් මකා දැමීම සඳහා අලජ්ජී සංස්කෘතික සංහාරයක නිරත වී සිටිති. දලලයිළාමා තුමාට ටිබෙටය තහනම්ය.  ලෝක බෞද්ධ අධ්‍යාත්මික නායකයා වූ උන්වහන්සේ චීන්නුන්ගේ පිටුවහලේය.

කෙනෙකුගේ වාසනාව අපෙක්ෂාවෙන් කොඩි නැන්වීම, විපත් මගහරවා ගැනීම සඳහා ආගමික ඉදිකිරීම් සිදුකිරීම, අනන්‍යයන්ගේ යහ පැවැත්ම වෙනුවෙන් මන්ත්‍ර රැස් කිරීම සහ යාඥා රෝද කැරකවීම ඇතුළු සියවස් ගණනක් පුරා සුරක්ෂිත ටිබෙට් සංස්කෘතික සම්ප්‍රදාය චීන සංහාරයට ලක් වෙමිනි.

“චීන ආධිපත්‍යයට නතුව ඇති ටිබෙටයේ   තොරතුරු ප්‍රවාහය පිළිබඳ පවත්වාගෙන යන දැඩි පාලනය  හේතුවෙන්, අපට මේ මොහොතේ සැබෑ විනාශයේ පින්තූර සහ වීඩියෝ ලබා ගත නොහැක.“ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එසේය.

මාස දෙකකට පෙර –

නිසි ලියකියවිලි නොමැතිවීම සහ ඉඩම් පරිහරණ නීතිය උල්ලංඝනය කිරීම යන ව්‍යාජ චෝදනාව මත    ඩ්‍රැක්ගෝ හි  Ganden Rabten Namgyalling ආරාමයේ පාලනය යටතේ පැවති Gedhen Nangten  පැවිදි පාසල පසුගිය ඔක්තොම්බර් 31 දා චීන නියෝග මත කඩා බිඳ දමන ලදී.

Gedhen Nangten  පැවිදි පාසල ස්වේච්ඡාවෙන් කඩා ඉවත් කරන අයුරු…

දින තුනක් තුළ පාසල ස්වේච්ඡාවෙන් කඩා ඉවත් කරන ලෙසත් පාසල් පරිපාලනයට නියෝග කළ  චීන නිලධාරීන් එසේ විනාශ නොකළහොත්   රජය විසින් එම පාසල කඩා දැමීමට  විශේෂ ඒකක එවන බවටත්, පාසලේ සියලු ගෘහභාණ්ඩ සහ දේපල රාජසන්තක කරන බවටත් තර්ජන කර තිබිනැයි ධර්මශාලා සිට ක්‍රියාත්මකවන Central Tibetan Administrat වෙබ් අඩවිය   වාර්තා කළේය.

ටිබෙට් බුද්ධාගම, ටිබෙට් භාෂාව, චීන මැන්ඩරින් සහ ඉංග්‍රීසි ඇතුළු විශාල අධ්‍යයන පරාසයක් සහිතව මෙම පිරිවෙන පිහිටුවා තිබිණි. ටිබෙට් සංස්කෘතිය පෝෂණය කළ  වැදගත් අධ්‍යාපනික මධ්‍යස්ථානය වීම නිසා  චීනුන් එය විනාශ කළබව කියැවිනි.

පිරිවෙන විනාශ කිරීමෙන් පසු, එහි සිසුන් 130 දෙනෙකුට වෙනත් පාසල්වලට ප්‍රවේශයක් හෝ ඇතුළත් කිරීමක් නොමැතිව ආපසු තම ගම්බිම් කරා යාමට සිදු විය. චීන රජය ටිබෙට් ජනතාවගේ ආගමික අයිතීන්, භාෂා අයිතීන් සහ තමන්ගේම සංස්කෘතිය හා සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට සහ ප්‍රායෝගිකව පවත්වාගෙන යාමට ඇති මූලික මානව අයිතිවාසිකම් සමස්ථය උල්ලංඝණය කරන්නේ එසේය.

බ්‍රහ්ම චෙලානි නම් ගත් කතුවරයා   මේ ව්‍යසනය සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. ඔහු කීවේ චීනය තලේබාන් සංවිධානයේ අඩිපාරේ ගමන් කරන බවයි. ඔහු සිය සටහනේ මෙසේ ද ලියා තබයි.

“ එක්සත් ජනපද ආක්‍රමණයට පෙර තලේබාන් පළමු පාලන සමයේදී තලේබාන්කරුවන් ඇෆ්ගනිස්ථානයේ ගණන් කළ නොහැකි ආගමික හා කෞතුක වස්තු විනාශ කළේය.    එහිදී ඔවුන්ගේ වඩාත් කැපී පෙනෙන ඉලක්ක වූයේ හයවන සියවසේ ඉදිකරන ලද දැවැන්ත බුද්ධ ප්‍රතිමා දෙකය. චීනය ටිබෙට් සංස්කෘතිය අතුගා දැමීම සඳහා තලේබාන්කරුවනගේ පා සටහන් ඔස්සේ    ගමන් කරමින් සිටී.“ චෙලානි පැවසීය.

“ ඔවුන් මේ විනාශය කරන්නේ “ටිබෙට් ජාතිකයින්ට පාඩමක් ඉගැන්වීම සඳහා“ ය. “ෂී“ ප්‍රමුඛ චීනය ටිබෙට් ආගම, සංස්කෘතිය සහ අනන්‍යතාවය විනාශ කිරීමට ක්‍රියා කරයි. බලධාරීන් ටිබෙට් භාෂා පාසල් චීන භාෂාවට මාරු කර ඇති අතර ටිබෙට් ජාතිකයන් ගව පාලනය සහ ගොවිතැන වැනි පැරණි ආර්ථික  සම්ප්‍රදායන්ගෙන් ඉවත්කර  දමා ඇත.“

The wanton demolition was carried out to "teach Tibetans a lesson." Xi-led China is working to annihilate Tibetan religion, culture and identity. Authorities have switched Tibetan-language schools to Chinese and cut Tibetans off from ancient traditions, like herding and farming.

— Brahma Chellaney (@Chellaney) January 5, 2022

ඒ චීන්නුන්ගේ හැටිය. අප ස්වෙච්ඡාවෙන් වහල් වෙමින් යන්නේ මෙවැනි සංස්කෘතික සංහාරකයන් පිරිසක් වෙතය. මේ විදේශිකයාට රාජ්‍ය තාන්ත්‍රික සංස්කෘතික සම්ප්‍රදාය වැදගත් නැත. චීන පොහොර ගනුදෙනුවේ දී ඒ සතා එලියට පැන්නේය.

චීන කොළනියක් වීම අප හිතනවාට වඩා බෙහෙවින්ම බිහිසුණු බව පමණක් දැනගෙන මේ ගමන යෑමට සූදානම් වෙන්න. දැනට කිව හැක්කේ එපමණකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මගේ පෞද්ගලික පින්තූර ෂෙයා කරන්න එපා” – ජැකලින් ඉල්ලයි

Next Post

ජනවාරියට ඉන්ධන ගේන්න තව ඩොලර් මිලියන 200ක් මදි – ගම්මන්පිල කැබිනට් පිහිට පතයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.