චීන එන්නත සුපිරියි… ව්‍යාජ මත පතුරුවන්නේ පාවිච්චිවෙන ඔත්තුකරුවො… චන්න ජයසුමන

චීන සයිනොපාම් එන්නත ඉතා ආක්ෂිත එක්ක වුවත් සමහර පුද්ගලයන් ඒ සම්බන්ධව වැරදි අදහස් පතුරුවමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම එන්නත හදිසි ලයිස්තුගතකිරීමට ඇතුළත්කළ වහාම එම එන්නත ශ්‍රී ලංකා පුරවැසියන්ට ලබා දිම ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

ඇමතිවරයා කීවේ සයිනොපාම් එන්නත   ප්‍රමිතියට අනුකූල නොවන බවට ඇතැම් පාර්ශවයන් විවිධ මාධ්‍ය භාවිතා කරමින් අදහස් පළ කරන අවස්ථා තමන් දැක ඇති බවය. වගකිවයුතු රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස තමාට කිව හැක්කේ එම එන්නත භාවිත කිරීම සඳහා චීන රජයෙන් කිසිම පීඩනයක් නොමැති යැයි ද ඇමති වරයා ප්‍රකාශ කළේය.


“ අප සතුව ඇති දත්තයන්ට අනුව එය ආරක්ෂිත එන්නතක්.  අවාසනාවට වගේ ඔත්තුකරුවන් ලෙස යම් යම් තැනැත්තන් විසින් භාවිතා කරන ඇතැම් පුද්ගලයින් එන්නත් ගැන හාස්‍යජනක කටකතා පතුරුවනවා“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමතිවරයා කීවේය.

Exit mobile version