චීන එන්නත් පැමිණීමත් සමඟ ශක්තිමත් එන්නත්කරණයකට  ජනපති සහතික වෙයි

චීනයෙන් ඊයේ රාත්‍රි ත්‍යාග වශයෙන් ලැබුණු සිනෝපාම් (Sinopharm) එන්නත් ලක්ෂ 5ක තොගය සමඟ ශක්තිමත් එන්නත්කරණ ක්‍රියාවලියක් සඳහා තමන් සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද උදෑසන (26) ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ මීට කලින් චීනයෙන් ලැබුණු එන්නත් ලක්ෂ 6ත් මෙම එන්නත් තොගයත් සමඟ මෙසේ ශක්තිමත් එන්නත්කරණ වැඩසටහනකින් සාර්ථක ලෙස කොවිඩ් වසංගතයට එරෙහිව අපට කටයුතු කළ හැකි වනු ඇති බවත් ඒ වෙනුවෙන් චින රජයට සහ චින තානාපති කාර්යාලයට තමන් ස්තූතිවන්ත වන බවය.

චීන රජය නොමිලේ ලබා දුන් මෙම එන්නත් තොගය අද අළුයම වනවිට ශ්‍රි ලංකන් ගුවන් යානයකින් මෙරටට පැමිණි අතර එහිදී අදහස් දැක්වූ ඖෂධ සැපයුම්, නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ ශ්‍රි ලංකාව චීනයෙන් මුදල් ගෙවා ඇණවුම් කළ එන්නත් තොගයද මසක් තුළ ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා  බව චීන රජය මෙරට තානාපතිවරයා මඟින් දැනුම් දී ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Gotabaya Rajapaksa (@GotabayaR) _ Twitter


Exit mobile version