චීනෙන් SWAP ගත්තට ඩොලර් අර්බුදයෙන් ගොඩඑන්න බෑ – මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

ආසියාවේ රටවල විදේශ සංචිත අවම වශයෙන් 24%ක් හෝ 44%කින් ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ 80%කින් පහළ ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඩොලර් අර්බුදයෙන් ගැලවීමට ආණ්ඩුව දැන් ස්වොප් (SWAP) ගැන කියමින් සිටින නමුත් එමගින් ප්‍රශ්න නොවිස‍ෙඳන බවය.

විපක්ශ නායක කාර්‍යාලයේ අද පැවැති ‘රටේ ආර්ථිකයට මොකද වෙන්නේ?’ මාධ්‍ය හමුවේදී එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් මේ බව කීය.


“හැමතිස්සෙම මේ රජය හැංගෙන්න හදනවා මේ සංචිත ගැන කතා කරද්දි මොකද මේ කොරෝනා එක නිසා කියලා. ඔච්චර ලොකු අමූලික බොරුවක් නෑ මේ ප්‍රශ්නේ ප්‍රශ්න ඇති කර ගත්තේ ඊට ඉස්සරවෙලා. හේතු දෙකක් තිබුණා එකක් වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම. දෙවැනි එක ඇවිල්ලා වැරදි කළමනාකාරිත්වය. ඒකට ජනාධිපතිතුමා ඉදලම වගකියන්න ඕන.

අපි විදේශ සංචිත බැලුවොත් යුරෝපය ඇමරිකාව නෙමෙයි ආසියාවේ රටවල් එක්ක. මේ කාලය තුළදී ම ඉන්දියාවේ සංචිතය ඩොලර් බිලියන 463යි 2019. ඒක 2021 අවසානය වෙද්දි ඩොලර් බිලියන 635 යි. 37%කින් ඉහළ ගිහින් තියෙනවා. බංග්ලාදේශයේ සංචිතය ගත්තොත් 2019 ඩොලර් බිලියන 33ක්. එය බිලියන 45 ක ට ඉහළ ගිහින් තියෙනවා. පාකිස්ථානයේ ඩොලර් බිලියන 17 සිට බිලියන 25 ට ඉහළ ගිහින් තියෙනවා . 48%කින් විතර ඉහළ ගිහින් තියනවා. නේපාලය ගත්තොත් බිලියන මිලියබිලියන 8.7 කින් බිලියන 11 ක ට ඉහළ ගිහින් තියෙනවා. හැම රටේම සංචිතය 24% 44%කින් ඉහළ ගිහින් තියෙනවා ආසියාවේ රටවල් වල. ලංකාවේ 80% කින් පහල ගිහින් තියෙනවා.

ණය ගෙවන්න ඕන එක අපි පිළිගන්නවා. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඩොලර් සංචිතය වැඩි කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක තමයි මූලික ප්‍රශ්නය ඉස්සරවෙලාම ආදායම හදාගන්න ඕන ණය ගෙවන්න. ආදායම හදාගත්තෙ නැත්නම් ලොකු ගැටලුවක් වෙනවා. දැන් SWAP කතාවක් කියාගෙන යනවා. මේක සරලව මම කිව්වොත් අපි සාමාන්‍යයෙන් රුපියල් දීලා ඩොලර් ලබාගන්නවා. ඒක තමයි ස්වොප් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ ඒ ස්වොප් එක මාස තුනකින් පස්සේ ඒ ඩොලර් අපි දෙන්න ඕන අය. ඉතින් මේක තාවකාලික දෙයක්. මේකෙන් රටේ සංචිතය ගොඩනැගෙන්නේ නෑ. මේක සංචිතයට එකතු කරන එකත් ප්‍රශ්නයක්. මොකද දන්නවනේ මාස තුනකින් ගෙවන්න තියෙනවා කියලා. ඔය ඉතින් ඔය ස්වොප් එක කරනකොට මාස තුන මාස හය කරන්න කියලා කියනවා . දැන් මේක කරන රටවල් ඉතින් කරන්නේ අපිට ආදරේට නෙවෙයි නේ. ඔවුන්ගේ වාසියට ඒ මේක කරන්නේ. සාමාන්‍යයෙන් මේකෙදි රුපියල් දීලා ඩොලර් ගන්නවා. ඒ ඩොලර් ණය ගෙවන්න බිල් ගෙවන්න පාවිච්චි කරන්න පුළුවන්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනෙ එක්ක ස්වොප් එකක් කලා කියනවා. චීන ගෙවන්නේ යුවාන්වලින්. යුවාන්වලින් ගෙවන්න පුළුවන් ඒගොල්ලන්ගෙ ණය විතරයි. මගේ ණය ගෙවන්න මගේ සල්ලි දෙනවා වගේ වැඩක් නේ ඒ කරන්නේ. අපි කියමු ඒකත් එහෙම නෙවෙයි කියලා එහෙම නෙවෙයි නං, යුවාන් අපට ලැබුණා නම් ඒකට චීනෙන් බඩු ගන්න වෙනවා. චීනෙන් බඩු අරගෙන චීනයට යුවාන්වලින් ගෙවන්න පුළුවන්. ඔය දෙකෙන් එකක්නේ වෙන්න ඕනේ. ඔය යුවාන්වල තියෙන ගැටලුව ඕක තමයි. ඔය ස්වොප් එකෙන් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ.” යැයි ද එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීය.

Exit mobile version