චීනය විසින් ඇමරිකානුවන් එකිනෙකාට එරෙහිව උසි ගන්වන හැටි

Mike Gallagher

චීනය විසින් ඉතා සූක්ෂමව ඇමරිකානුවන් තුල එකිනෙකාට විරුද්ධව කටයුතු කිරීමට පෙළඹවන බව ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ පිහිටා ඇති චීනයෙන් එක්සත් ජනපදයට එල්ලවිය හැකි තර්ජන අධ්‍යනය කිරීමට ස්ථාපිත කමිටුවේ සභාපති මයික් ගැලගමර් පසුගියදා අනාවරණය කළේය.

ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ගෙනය යන සිය තාක්ෂණිය මෙවලම් යොදාගෙන කරනු ලබන ඇමරිකානු විරෝධී වැඩපිළිවෙල නවතා දැමීමට තමන් කැපවී කටයුතු කරන බවද සෙනට් සභික ගැලගමර් ප්‍රකාශ කළේය.

“මෙම කොංග්‍රසය බෙදී තිබුනත්, ව්‍යවස්ථාදායකයේ මේ සම්බන්ධයෙන් නිසි ලෙස සඳහන් නොවී තිබුනත් ඉදිරි වසර දෙකක කාලයක් අපිට මේ සම්බන්ධයෙන් නිරපරාදේ නාස්ති කළ නොහැකියි.” යනුවෙන්ද හෙතෙම පැවසීය.


එක්සත් ජනපදය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර උපායමාර්ගික තරඟය පිළිබඳ තේරීම් කාරක සභාව ලෙස නිල වශයෙන් හැඳින්වෙන මණ්ඩලය මූලික වශයෙන් නිර්මාණය වූයේ චීනයෙන් නැගී එන බලපෑමත් සමගයි. එහිදී ඉකුත් පෙබරවාරි 4 වන දින එක්සත් ජනපදය දකුණු කැරොලිනාව වෙරළට ඔබ්බෙන් වූ චීන ඔත්තු බැලූන් බිම හෙලීතමත් සමඟ මෙම කමිටුවේ කාර්යභායර තවත් වැදගත් වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී කොංග්‍රස් සභික ගැලගමර් විසින් 1991 වර්ෂයේදී චින කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නායකයකු සහ ශ්‍රස්ත්‍රඥයකු වන වැන්ග් පිං විසින් රචිත පොතක් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළේය.
“වැන්ග් ඇමරිකාවට ඇමරිකාවට ඇමරිකාව ‘නමින් හැඳින්වෙන පොතක් සම්පාදනය කළයා. ඇමරිකානු සමාජය තුල ඉතා සූක්ෂමව අභ්‍යන්තර ගැටුම පිළිබඳ ඔහු සිය පොතේදී ඉතා හොදින් පැහැදිලි කරනවා. මෙය චීන ජනාධිපති ෂී ජින් පිං සහ චීන කොමියුනිස්ට් පක්ෂය ඉතා සූක්ෂමව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ඇමරිකානුවන් එකිනෙකාට එරෙහිව කටයුතු කිරීමට ඔවුන් කටයුතු කරගෙන යනවා.” යනුවෙන්ද කොංග්‍රස් සභිකයා වැඩිදුරත් පැවසීය.

Exit mobile version