චීනයෙන් දරුවන් තුන්දෙනෙකු බිහිකරන්න අවසර

china kids

චීනය එරට විවාහක යුවලකට බිහි කළ හැකි උපරිම දරුවන් සීමාව ඉහළ දැමීමට තීරණයක කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී විවාහක යුවලකට බිහි කළ හැකි උපරිම දරුවන් සංඛ්‍යාව තුන් දෙනෙකු දක්වා ඉහළ දැමීමට චීන රජය තීරණය කර ඇත.
චීන රජය මෙම තීරණය ගෙන ඇත්තේ මැයි මාසයේදී නිකුත් වූ නවතම ජන සංගණනයෙන් පසුවයි.
එම සංගණනයට අනුව ගතවූ වසර දහක කාලයතුල චීනයේ වාර්ෂික ජනහගන වර්ධනය ලෙස වාර්තා වී ඇත්තේ 0.53්‍ර අනුපාතයකිනි. මෙය 1960 පසු චීනයෙන් වාර්තා වූ පහළම ජනගහන වර්ධන අනුපතයයි.
චීනය විසින් 1979 වර්ෂයේදී එරට ජනගහනය පාලනය කිරීමට එක් විවාහක යුවලකට බිහි කළ හැකි දරුවන් සංඛ්‍යාව එක් දරුවකු සීමා කරනු ලැබිණි.
එහෙත් බීජිං පලනය විසින් 2016 වර්ෂයේදී මෙම නීතිය ලිහිල් කරමින් දරුවන් දෙදෙනෙකු බිහි කිරීමට අවසර ලබාදීම සිදුකරනු ලැබුවා.
කෙසේ වෙතත් නවතම සංගණන වර්තාවන්ට අනුව එම සීමා ලිහිල් කිරීමද ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම නව තීරණය ගෙන තිබේ. චීනය සතුව විශාල වයස්ගත ජනගහනයක් සිටින අතර ඉදිරි වසර කීපයේදී එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇත.
නවතම සංගණනයට අනුව වසය අවුරුදු 15ත් 59 අතර ජනගහනය චීනයේ වැඩකරන ජනතාව මිලියන 894 වන අතර එය සමස්ථ ජනගහනයෙන් 63.3්‍ර ප්‍රතිශතයකි. මේ අතර විශේසඥයින් පෙන්වාදෙන්නේ ඉදිරි වසර දහය තුලදී චීනයේ ශ්‍රම බලකායේ 5්‍රක අඩුවීමක්ද සිදුවිය හැකි බවයි.

චීනයේ දරුවන් බිහිකිරීමේ නීති ලිහිල් කිරීමට සමගාමීව ඊට සහය වීමට ප්‍රතිපත්මය වෙනස්කම් කිහිපයක් කිරීමටද සූදානම් වෙනවා. ඒ අනුව අධ්‍යාපන වියදම්, නිවාස සඳහා සහන රැකියා වල නිරත කාන්තාවන්ට පහසුකම් ලබාදීමට නියමිත බව ශිංහුවා පුවත්සේවය වර්තා කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් චීන රජයේ නව තීරණය සම්බන්ධයනේ ශිංහුව පුවත්සේවය සමාජ මාධ්‍ය ඔස්සේ මත විමසීමක් කර තිබිණි. එහිදී 90්‍ර දෙනා පවසා ඇත්තේ නීති ලිහිල් කළත් තමන් දරුවන් තුන්දෙනෙකු බිහිකිරීමට කැමත්තක් නොදක්වන බවයි.
නොසිතූ ලෙස සෘණාත්මක ප්‍රතිචාර ලැබීමත් සමඟ ශිංහුවා පුවත්සේවය මෙම මතවිමසීම ඉවත්කරගෙන ඇති බවද වාර්තාවේ.
චීනයේ නාගරික ප්‍රදේශවල පවතින අධික ජීවන වියදමත් සමඟ බොහොමයක් තරුණ යුවලවල් දරුවන් බිහිකිරීමෙන් වැලකී සිටින ප්‍රවනතාවයත් පවතින් අතර ඊට ඉහළ යන දරුවන්ගේ අධ්‍යාපන වියදම් වැනි දෑ ප්‍රබල හේතුවක් වී තිබේ.

Exit mobile version