ටෘෘත් විත් චමුදිත යූ ටියුබ් චැනලයේ ප්‍රචාරය කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධව විමර්ශන කටයුතු සඳහා යළිත් වරක් ප්‍රකට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
ඔහුගේ යූටියුබ් නාලිකාවේ වැඩසටහනක දී අගමැතිවරයාට සම්බන්ධ ඉඩම් ගනුදෙනුවක් පිළිබඳව පුද්ගලයෙක් කළ ප්‍රකාශයක් මුල් කරගෙන සිදුකරන විමර්ශනයකට අදාලව පසුගිය දා මෙසේ ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව වෙත ගෙන්වා ඇත.
පැය තුනකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.







