චමල්ගේ නිවසට පහරදුන් බවට සැක පිට අත්අඩංගුවට ගත් සැක කරුවන් 04 දෙනා රිමාන්ඩ්!

Chamal-R

සූරියවැව නුවන් ජයසේකර

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ තිස්සමහාරාම කිරින්ද මාගම ප්‍රදේශයේ පිහිටි නිවසට පහර දී එහි තිබූ භාණ්ඩ හා වී සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (14) අත්අඩංගුවට පත් පුද්ගලයන් සිව් දෙනෙක්  මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කෙරුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අක්කර 20, මාගම පදිංචි 41 හැවිරිදි ඩබ්ලිව්.ජී.රංජිත් ප්‍රසන්න, පුස්තෝල මුල්ල,රණකෙළිය,යෝධකණ්ඩිය, තිස්සමහාරාම පදිංචි 51 හැවිරිදි ඊ.ඒ.ප්‍රියන්ත, අංක.182/ඒ, මෝදර පදිංචි37 හැවිරිදි එච්.ඩබ්ලිව්.සමන්ත හා කෝන් වැලෑන, ගෝනගමුව, තිස්සමහාරාමය පදිංචි 36 හැවිරිදි ආර්.ඒ.නිශාන්ත මිල්රෝයි නැමති සැකකරුවන් සිව් දෙනායි.

2022.05.09 දින රාත්‍රි හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ට අයත් මාගම, කිරින්ද, තිස්සමහාරාම ලිපිනයේ පිහිටි නිවසට කිසියම් පිරිසක් පහරදී ගිනිතබා එහි තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවට කිරින්ද පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකල විමර්ශන අනුව  ඊයේ (14) රාත්‍රියේ දී  කිරින්ද පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.


වැඩිදුර කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අරගලයට පහර දුන් මහින්ද ඇතුළු මැරයින් අත්අඩංගුවට ගන්න… වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිල්ලක්!

Exit mobile version