ගෝඨාගෝගමේ ලහිරු වීරසේකර, රතකරව්වේ ජිනරතන හිමි සහ රැට්ටා ඇප ලබති….

“ගෝඨා ගෝ හෝම්” ප්‍රධාන ක්‍රියාකාරීන් වන ලහිරු වීරසේකර,   පූජ්‍ය  රත්කරව්වේ ජිනරත්න හිමි සහ සමාජ මාධ්‍ය ක්‍රියකාරුවෙක් වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අද ඇප මත මුදා හැරින්නට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පසුගිය ජුනි 09 වනදා කොළඹ පැවති විරෝධතාවයක් අතරතුර වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිනි.

ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි ලහිරු වීරසේකර, රතිඳු සේනාරත්න, ජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු අරගලකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට පත් වූ අතර ලහිරු වීරසේකර,   පූජ්‍ය  රත්කරව්වේ ජිනරත්න හිමි සහ සමාජ මාධ්‍ය ක්‍රියකාරුවෙක් වන රතිඳු සේනාරත්නට හැර අත්අඩංගුවට ගත් ඉතිරි පිරිසට ඉකුත් සතියේ ඇප ලැබිනි.

කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීතිවිරෝධී ලෙස රැස්වීම් පැවැත්වීම මෙන්ම විරෝධතාවයේදී පොදු දේපළවලට අලාභහානි සිදුකිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගත්තේය.


ඔවුන් මරදාන පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන   කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව   අද (01) දක්වා පිරිස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන් තිදෙනා අද පුද්ගලික ඇප මත මුදා හැරියේය

Exit mobile version