ගෝඨාගේ පොතේ හැලී ගිය මිග් යානා ගනුදෙනුව සම්බන්ධ පරිච්ඡේදයක් ගැන උදයංගා වීරතුංග කියයි!

ගෝටාභය රාජපක්ෂ විසින් ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනුකරන ලද , විදේශ අමාත්‍ය අලි සබ්රි නීතීඥවරයා පෙනීසිටින ලද නඩුවට රැගෙන ගිය මිග්යානා ගිවිසුම, ශ්‍රී ලංකාව තුළ නැතිවී සොයා ගැනීමට නොහැකි වීම ගෝඨාභය රාජපක්ෂගේ  “කුමන්ත්‍රණය” පොතට එකතුවිය යුතු තවත් පරිච්ඡේදයක් බව ඔහුගේ ඥාති සහෝදරයෙක් වූ මෙම නඩුවේ ප්‍රධාන චූදිතයෙක් වී ඇති උදයංගා වීරතුංග කියයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති, රෝෂාන් ගුණතිලක විසින් අත්සන් කරන ලද මිග් යානා ගිවිසුම අස්ථානගත වීම සම්බන්ධව විමර්ශනයක් සිදුකර අදාල තොරතුරු උසාවියට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දිනයේදී නඩුව යළි කැදවු අවස්ථාවෙි දී නියෝග  කිරීමෙන් පසු උදයංගා වීරතුංග නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.

මේ ගනුදෙනුවෙහි ප්‍රධානතම ලේඛනය වන SLAF/2006/07/Air ගිවිසුම අස්ථාන ගත වී ඇති නමුත් ඊට වගකිවයුතු ගුවන් හමුදා නිලධාරීන් මෙම නඩුවෙහි සැකකරුවන් ලෙස හෝ නම් නොකිරීම පිළිබඳ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න   අධිකරණයේදී මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන්ට චෝදනා කර තිබිණි.

මිග් ගනුදෙනුවට අදාල නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙක් වු  උදයංගා වීරතුංග විසින් ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ    කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට 2015 මාර්තු 26 වෙනිදා ගොනුකරන ලද මිග් යානා නඩුව පසුගිය වසර 09 යක් පුරාවට කොටුව මහේස්ත්‍රාත් උසාවිය තුළ කැඳවා ඇති බවත්ය.


එසේ නමුත් 2017 මැයි 31 දා සිට වසර 07කට ආසන්න කාලයක්‌ නඩුව සම්බන්ධව නීතිපති උපදෙස් ලබා දී නැති බවත්  උදයංගා වීරතුංග කියයි.

එමෙන්ම මිග් යානා ගිවිසුමට තමන් කිසිදු අත්සනක් යොදා නැති බව කියන වීරතුංග  එම ගිවිසුම අත්සන් කරන ලද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ගේනාධි ස්තුදිනිකින්  මෙන්ම, මිග්යානා ගනුදෙනුවට අනුමැතිය ලබාදුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් කටඋත්තරයක්  ලබා දි නැති බවද වීරතුංග පවසයි.

තමාගේ සියලූ ගිණුම් අත්හිටුවාලීමට 2015 අප්‍රේල් 29දා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවත් පොලිසිය හා ශ්‍රීලංකා මහබැංකුව එකතුව මාස 108 ක් පුරාවට පරීක්ෂණ සිදුකර ඇති අතර ගිවිසුමට අදාළ මුදල් තමන්ගේ  ගිණුමට බැරකර ඇති බවට කිසිදු සාක්ෂියක් සොයාගැනිමට අපොහොසත් වූ  බවත් ඔහු පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝෂාන් ගුණතිලක විසින් අත්සන් කරන ලද මිග් යානා ගිවිසුම අස්ථානගත වීම සම්බන්ධව විමර්ශනයක් සිදුකර අදාල තොරතුරු උසාවියට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ    මෙම නියෝගය නිකුත් කරන්නේ මිග් යානා ගනුදෙනුවට අදාල නඩුව විභාග වීම ඇරඹී අවුරුදු 07ක් ගතවන දිනයේ දී බව ද උදයංගා වීරතුංග පවසයි.  ඔහු නිකුත් කළ ප්‍රකාශය පහත දැක්වේ.

 

 

Exit mobile version