ගොවීන් පෝලිමේ ඉද්දී ව්‍යාපාරිකයෙකුට ලක්ෂ තුන හමාරක ඩීසල් දුන්නැයි වාලච්චේනයේ විරෝධතාවයක්!

මනම්පිටිය නිමල් ජයරත්න –

වාලච්චේන රිදීතැන්න ඉන්ධන පිරවුම් හලේ කළමනාකාරිත්වය හා එම ස්ථානයේ රාජකාරියට යොදා සිටි පොලිස් නිලධාරියෙක් විසින් මඩකලකලපුව ප්‍රදේශ්යෙන් පැමිණි  ප්‍රබල ව්‍යාපාරිකයෙකුට  ඊයේ (18) රාත්‍රියේ රුපියල් ලක්ෂ තුන හමාරකට ආසන්න ඩීසල් තොගයක් ලබාදීමට එරෙහිව එම ස්ථානයේ  ඩීසල් ලබා ගැනීමට ආ ගොවීන් පිරිසක් විරෝධය පළ කළහ.

තමන් දින හතරක කාලයක්  රිදීතැන්න ඉන්ධන පිරවුම් අසල ඩීසල් ලබාගැනීමට රැඳී සිටියද තමන්ට ඉන්ධන ලබානොදී  ව්‍යාපාරිකයෙකු විසින්  ලොරියක පටවාගෙන ආ විශාල ටැංකියකට රුපියල් 3,50,000 ක් වටිනා ඩීසල් ලීටර්  875 ප්‍රමාණයක්   ලබාදුන් බවට ගොවීහු චෝදනා කළහ.

මෙම සිද්ධිය රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකු ඇසින් දුටු බවත්, ඔහු නිහඬව සිටි බවත්, මේ පිළිබඳව තමන්     පොලිසියට කිව්වද ඔවුන් එයට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් මාධ්‍යයෙන් එන බව දැන්ගත්   ව්‍යාපාරිකයාත්, පොලිසියත්,   තමන්ට පහරදීමට තැත් කළ බවත්, පොලිසිය විසින්  ඩීසල් පැටවූ ලොරිය ලොරිය මඩකලපුව දෙසට     පිටත් කර යැවූ බවත් ගොවීහු සඳහන් කළහ.

අප මේ පිළිබඳවව එම ස්ථානයේ රාජකාරිය කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාගෙන් කළ  විමසීමකදී සඳහන් එලෙස විශාල  වශයෙන් ඉන්ධන ලබාදීමක් සිදු නොවූ බවයි,


මේ පිළිබඳව අප ඉන්ධන පිරවුම්හල් කළමනාකරුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම ව්‍යාපාරිකයාට  රුපියල් 50,000 ක්   පමණ වටිනා ඉන්ධන ලබාදුන් බවයි.

මෙම සිද්ධිය පිළිබඳව අප වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ තමන් මේ පිළිබඳ එම ස්ථානයට පැමිණ පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවත්, ගොවීන් නගන චෝදනාව පිළිගත නොහැකි බවත්, එවැනි විශාල ඩීසල් ප්‍රමාණයක් පොලිසිය රාජකාරි කරන අතරතුර එක් අයෙකුට ලබාදී නොමැති බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලක්ෂ තුන තුනහමාරක් වටිනා ඉන්ධන තොගයක් ව්‍යාපාරිකයෙකුට ලබාදුන් බවට ලොරිරථයේ ඡායාරූපයක්ද ගොවීන් විසින් පොලිසියට ඉදිරිපත්පත් කළ අතර එම ලොරියෙ පටවා ගෙන ආ ටැංකියට ඩීසල් ලබාදීම පිළිබඳව පොලිසියට කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවද වාලච්චේන පොලිසිය කියයි.

Exit mobile version