ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

ගොයම් වගාව ආශ්‍රිතව මේ වන විට පැතිරී ඇති රෝගය හේතුව මූලික අවස්ථාවේ දී ගොයම අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම බව   බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාලතී බී. පරසුරාමන්   පවසයි.

හෙක්ටයාර හත් ලක්ෂ හැට පන්දහසක් වන සමස්ත වී වගා වපසරියෙන් පත්‍ර කහ පැහැ ගැන්වෙන මෙම රෝගය වාර්තා වී ඇත්තේ 8%ත් 10%ත් අතර පමණ භූමි ප්‍රදේශයක යැයි ද ඇය සඳහන් කළාය.

අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම අදහස් පළ කරන ලද්දේ අද (05) පේරාදෙණියේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ගොයම් වගාවට මූලික අවස්ථාවේදි ලැබිය යුතු පෝෂණ නියමිත මාත්‍රාවට නොලැබීමෙන් මෙම හානිය සිදුවන බව පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන ඇතැයි කී අධ්‍යක්ෂ ජනරාල්වරිය වී වගාව ආරම්භකොට දින 45 ක් තුළදී නිර්දේශිත ප්‍රමාණයට යූරියා හා M.O.P. පොහොර යෙදීම තුළින් රෝගය වළක්වා ගත හැකි යැයි ද සඳහන් කළාය.


මහ කන්නයේ වී වගාව ආරම්භ කර ඇති අනුරාධපුර, මහවැලි සී හා එච් කලාපවල මෙම ‍රෝගය දැකි හැකි බවත් ඇතැම් ප්‍රදේශවල කිසිසේත්ම රෝගය වාර්තා වී නොමැති බව ද ඇය කීවාය.

අස්වනු අඩු වෙතැයි ඇතමුන් බිය පළ කළත් සමස්ථ අස්වැන්වෙන් සියයට තුනක පමණ අස්වැන්නක් අඩු වනු මිස විශාල අස්වනු හානියක් නොවන බව ඇය ප්‍රකාශ කළාය.

පෝෂණ ඌණතාව හේතුවෙන් සිදුවන මෙම රෝගය වළක්වා ගැනිම සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්ව සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාලතී බී. පරසුරාමන්  තව දුර‍ටත් සඳහන් කළාය.

පත්‍ර කහ පැහැ ගැන්වීමේ රෝගය පරීක්ෂා කිරීම සඳහා බතලේගොඩ පිහිටි වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් දිවයිනේ විවිධ ස්ථානවලින් ලබා ගත් නියැදි 351ක් පරීක්ෂා කළ බවත් එම රෝගය මූලික පොහොර ‍ඌනතාවයෙන් ඇති වූවක් මිස කාබනික පොහොර යෙදීමෙන් සිදුවූවක් නොවූ බව එම ආයතනයේ ආචාර්ය ජයන්ත සේනානායක  ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමන්තුරය වැනි ප්‍රදේශවල කාබනික හා රසායනික පොහොර නිර්දේශිත මාත්‍රාවට යොදා ඇති බව කී ඒ මහතා එම ක්ෂේත්‍රයෙන් පත්‍ර කහ ගැන්වීමේ රෝගය වාර්තා නොවු බව ද කීවේය

Exit mobile version