ගෙවත්තෙන් මතුවුණු පුරාවස්තු ගැන කියන්න දිසාපති හමුවුණු මන්නාරමේ මිනිසා…

පුරණ ආයුධයක්..

දිනසේන රතුගමගේ

මන්නාරමේ නානාට්ටන් පුරන්දිවේල් ප්‍රදේශයේ වැසියෙකුට සිය ගෙවත්තෙන් හමු වූ පුරා වස්තු බවට සැලකෙන ද්‍රව්‍ය කීපයක් නානාට්ටන් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත 21 දා බාර දී තිබේ.  එම වැසියා සිය ගෙවත්ත සුද්ද කරමින් සිටි අවස්ථාවේදී මෙම පුරා වස්තු බවට සැකකෙරෙන ද්‍රව්‍ය හමු වී තිබේ.
එම ද්‍රව්‍ය අතර ලෝහ වලින් තනන ලද කෘෂි ආයුධ බවට සැකකෙරෙන උපකරණ කීපයක්,පැරණි පාෂාණ ගල් රාශියක් ඇතුළත් වෙයි.

නානාට්ටන් ප්‍රාදේශීය ලේකම් ශ්‍රී ස්කන්ධකුමාර් මහතා පැවසුවේ එම මෙවලම් සියල්ල පුරා විද්‍යා නිලධාරීන්ට බාර දීමට පියවර ගෙන ඇති බවයි.
මන්නාරම නාන්නාට්ටන් පුරන්දවේලී වැව ආශ්‍රිතව පිහිටි බිමකින් මීට පෙර පුරාණ කාසි කීපයක්ද හමු වී ඒවා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ගම්වැසියෙකු විසින් බාර දී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුරාණ ගඩොල් සහ උළු කැබලි

Exit mobile version