අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙදර බුදුන් අම්මා ගෙදරින් එළියට ආවාම “ බඩුවක් “ වෙන්නේ කොහොමද?. 

වෙනස් විය යුත්තේ ගැහැණිය පිළිබඳ සමාජ ආකල්පයයි - ෆේරියල් අෂ්රොෆ්

by editor
මාර්තු 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමර බන්දු –

ෆේරියල් අෂ්රොෆ් යනු මේ රටේ මුස්ලිම් සංස්කෘතික සම්ප්‍රදාය තුළ ගැහැනියගේ භූමිකාව පැහැදිලි ලෙසම ඉදිරිගාමී තැනකට රැගෙන පැමිණි කාන්තාවකි. ලංකාවේ පළමු මුස්ලිම් ආමාත්‍යවරයි ඇය ය.  තම දේශපාලන පක්ෂය තුළ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යයට යට නොවී ඔවුන්ගේ විරෝධය මැද දේශපාලනයට පැමිණියාය. තමන්ගේ සමූහයෙන් එල්ලවන අභියෝගවලට මුහුණ දෙමින් තීරණාත්මක දේශපාලන භූමිකාවක් රඟ දැක්වූවාය.  අදට යෙදෙන ජත්‍යාන්තර කාන්තා දිනය වෙනුවෙන් ඇය කාන්තාව පිළිබඳ වූ ස්වකීය ආකල්ප රටට කියන්නීය. 

ප්‍රශ්නය. – ඔබ දේශපාලනට එන්නේ වින්දිත කාන්තාවක් විදියට. අශ්රොෆ් මැතිතුමා ජීවමාන කාලයේදී ඔබ දේශපාන කටයුතු වලට සම්බන්ධ වුණාද?

පිළිතුර -. අශ්රොෆ් ඇමතිතුමා  මගේ ජීවිතේට සම්බන්ධ වීම නිසා විශ්ව විද්‍යාල කිහිපයකින් ලැබුන දැනුමක් වැනි විශාල දැනුමක් මා ලබා ගත්තා. එතුමාගේ දේශපාලන ජීවිතයේ දී මා පිටතට පැමිණ සහයෝගය ලබා දුන්නේ නෑ. නමුත් මම එතුමාගේ   ළඟින් සිට විශාල සහයෝගයක් ලබා දුන්නා.

ප්‍රශ්නය – ඔබ මුස්ලිම් කාන්තාවක් විදිහට දේශපාලනයට එනකොට මුහුණ දුන් ගැටලු මොනවාද?

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

පිළිතුර – ආරම්භයේදීම විශාල අභියෝග ආවා. අෂ්රොෆ් ඇමතිතුමා මියගිය පසු පක්ෂයේම මට ලැබෙන්න ඕන සහය ලැබුණේ නෑ. මා කන්තාවක් නිසා ඊට සුදුසුකමක් නැතැයි   ඔවුන් හිතුවා. පක්ෂයේ අය බොහෝ දෙනෙක් කැමැති වුණේ නෑ කාන්තාවන්ට ඒ තැන දෙන්න. ඉතාම කටුක විදියට, ඒ අභියෝග දරාගෙන  තමයි මගේ දේශපාලන ගමන් මගේ ආරම්භය සිදු වන්නේ.

ප්‍රශ්නය – මුස්ලිම් කාන්තාවක්  මුහුණ දෙන සමාජ ගැටලුව ඔබ හඳුන් ගන්නේ  කෙසේද?

පිළිතුරු -. ලංකාවේ මුස්ලිම් කාන්තාවන් ලෙස විශේෂ ගැටලු තියෙනවා කියලා මම හිතන්නේ නෑ. ලංකාවේ පමණක් නොව ලෝකයේ කාන්තාවන්ට පොදුවේ ගැටලු තිබෙනවා.  කාන්තාව දිහා සමාජය බලන කෝණය අනුව අපට තියෙන ගැටලු පොදුයි.

ජාති, ආගම්, භේද බලලා ඇයි කාන්තාවට වෙනම සලකන්නේ. ගෙදර බුදුන් අම්මා එළියට බැස්සම බඩුවක් වෙන්නෙ කොහොමද? ඇයි අපිට එහෙම උනේ. වෙනස් විය යුත්තේ  ගැහැණිය  පිළිබඳ මේ ආකල්පයයි. ලංකාවේ ඉපදුණු හැම ගැහැනියක්ම ආශිර්වාදය ලබන්න ඕනේ.  ඒක වචනයට විතරක් තිබිලා මදි. ක්‍රියාවට නැගෙන්න ඕනේ.

ප්‍රශ්නය- දේශපාලනඥයෙක් විදියට ඔබ මුස්ලිම්  කාන්තාවගේ සුබසාධනයට ගත්ත පියවර මොනවාද,?

පිළිතුරු – මම කවදාවත් මුස්ලිම් අයට කියලා විශේෂ සුබ සාධන ව්‍යාපාර  කරන්න ගියේ නෑ. ජාතීන් තුනම වාසය කරන අම්පාර සහ ත්‍රීකුණාමලය  දිස්ත්‍රික්ක විශේෂ දිස්ත්‍රික්ක දෙකක්.  මට අහම්බෙන් හරි අම්පාරෙන් දේශපාලනයට පිවිසීමට ලැබීම සතුටක්. එය විශේෂ දෙයක් විදිහටයි මා දකින්නේ.  මා දේශපාලනය කළේ ජාති භේදයෙන් තොරවයි.  ඒ කාලෙ  සිංහල සහ මුස්ලිම් ජනතාව වෙතට ගිහිල්ලා උදව් කරන්න ලැබුණත් යුදමය තත්ත්වය නිසා දෙමළ ජනතාව අසලට ගොස් උදව් කරන්නට ඉඩ ලැබුණේ නෑ. නමුත් සුනාමි ව්‍යසනයෙන් පස්සේ මට දෙමළ ජනතාව අතරට ගිහින් උදවු උපකාර කරන්න හැකි වුණා. ඒ  නිසා මා රටේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් සමස්ත ගැටලු විසඳන්න හැකි උපරිම ආකාරයෙන්  කටයුතු කළා කියන නිහතමානී සතුට තියනවා.

ප්‍රශ්නය – ඒ කටයුතු වලදී ඔබට මුහුණ දෙන්නට සිදු වූ අමතක නොවන සිද්ධිය කුමක් ද?

පිළිතුර –  අමතක නොවන සිද්ධිය තමයි ජාතිය මුල්  කරගෙන මාව  ඉලක්ක  කිරීමට ගන්නා ලද උත්සාහය. එක් මැතිවරණ අවස්ථාවකදී පක්ෂ පාට කුමක් වුවත් සිංහල අයට ඡන්දය දෙන්න කියා පාඨයක්  මේ දේශපාලකයො  හැදුවා.

පොඩි ඡන්දයක් නිසා ග්‍රොත්‍රවලට බෙදිලා මෙතරම් වටිනා ශිෂ්ඨාචාරයකට හානි කර ගන්නේ ඇයි කියලා එදා මට හිතුණා. බුදු දහමේ අන්තර්ගතය මේක ද?   අපි ජාති, ආගම්, ගෝත්‍ර අනුව බෙදෙන්නෙ නැතිව ලාංකිකයන් විදියට කටයුතු කළ යුතුයි.  මිනිසුන් එසේ නොකරන විට ඒ පිළිබඳ වේදනාව දැනෙනවා.

ප්‍රශ්නය – ළමා විවාහය මුස්ලිම් සමාජයේ ඇතුලේ සංස්කෘතික වටිනා කමක් සහිත සිදුවීම ඔබ අනුමත කරනවාද?

පිළිතුර -.   අපොයි නෑ.

වීශේෂයෙන් කිව යුතුයි. ළමා විවාහය මුස්ලිම් ආගමික සිරිතක් නොවෙයි. එය    සමාජයේ වැරදි වටහා ගැනීමක්. අපේ ආගම් පොත්වල එහෙම කියලා නෑ.

ආගමේ විවාහයට ගිවිසුම කියලයි කියන්නේ. ගිවිසුමක් අනුව කටයුතු කරන්න නම් ඒ ගිවිසුමේ සියල්ල ගැන  තේරුම් ගන්න පුළුවන් වැඩිහිටියෙක් බවට පත්විය යුතුයි කියලයි තියෙන්නේ. මේ ගැටලුව ලඝු කරන්න එපා. මුස්ලිම් සමාජයේ පමණක් නොවෙයි ළමා විවාහ වෙන්නේ.   ජන සමාජයෙ අනෙක් කොටස් තුළත් අඩු වයසෙන් විවාහ සිදුවෙන අවස්ථා තිබෙනවා . අඩු වයසේ විවාහ වීමට හේතුව දරිද්‍රතාවය.   කාන්තාවන් තම දියණියන් වැඩිවියට පැමිණි පසු එම දැරියන් ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයෙන් වයස අවුරුදු දාහතර,  පහලොවේදි  විවාහ කර දෙනවා. එය මූලිකවම සමාජ සංස්කෘතියෙ රිද්මය වෙනස් කරන ආර්ථික ප්‍රශ්නයක්.

ප්‍රශ්නය –  මුස්ලිම් දික්කසාද නීතිය ගැන ඔබ හිතන්නේ කුමක්ද?

පිළිතුර. – මේ නීති නම්  සංශෝධනය විය යුතුමයි. 70  දශකයේ    ඉඳන් මුස්ලිම් අය මේ වෙනුවෙන් සංශෝධන ඉල්ලලා කොමිෂන් දාලා නොයෙක් දේවල් කළා.  නමුත් ඒවාට නිසි තැන ලැබුනේ නැහැ. පරණ නීති පොත තියන් දඟලනවා.  මේ නීති ආගමික දෙයක් විදිහට දෙවියන් වහන්සේ කියලා තියෙනවා කියන  කතා ඇසෙද්දී අපට දුක හිතෙනවා. දෙවියන් වහන්සේ ගැහැණු, පිරිමි මවලා තියෙන්නේ පිරිමියාට ඕන විදියට කාන්තාවට හිරිහැර කරන්න නෙවෙයි.  දයාවන්ත ත්‍යාගශීලී දෙවියන් වහන්සේ  එසේ කරයි කියලා මම හිතන්නේ නෑ.

මට කලින් කාන්තාවන් බොහෝ දෙනෙක් මේ නීතිය සංශෝධනය කරන්න කියලා කිව්වත් ඒක වුණේ නෑ. වත්මන් ජනාධිපති තුමාගේ යටතේ අධිකරණ ඇමැතිවරයා ලෙස ඉන්නෙ මුස්ලිම් ඇමතිවරයෙක්.   සමාජය   ඉල්ලන සංශෝධනය ලබා දෙන්න ඔහුට හැකිවේවි කියලා මා විශ්වාස කරනවා…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 500 ඉක්මවයි…

Next Post

මහා ශිව රාත්‍රියට පූජාවන් පමණයි… සියලු විශේෂ උත්සව තහනම්

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.