ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානයක් ඉරක්කන්ඩි වෙත හදිසියේ ගොඩබස්වයි

scesna

ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් සෙස්නා 150 ගුවන් යානයක් ත්‍රිකුණාමලය නිලාෙවිලි වෙරළ තිරයට උතුරින් පිහිටි ඉරක්කන්ඩි ප්‍රදේශයට හදිසි ගොඩ බැස්විමක් සිදු කර තිබේ.

ශ්‍ර්‍රි ලංකා ගුවන් හමුදා චීනවරාය කඳවුරෙ අංක 01 පියාසර පුුහුණු පක්ෂාංගයට අයත් ගුවන් නියමුවන්ගේ මුලික පුහුණුව සදහා යොදාගනු ලබන සෙස්නා 150 (Cessna 150) ගුවන් යානයක් අද (7) දින කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසි ගොඩබෑමක් සිදු කරන ලදි.

ගුවන් හමුදා ත්‍රිකුණාමලය චිනවරාය විද්‍යාපීඨ කදවුරේන් අද පෙරවරු 10.22 පමණ ගුවන් ගත වු ගුවන් යානය පෙරවරු 10.48 පමණ මෙම හදිසි ගොඩබැමට ලක්විය.


මේ වනවිට ගුවන් යානය හා ගුවන් නියමුවන් දෙදෙනා නිරුපද්‍රිතව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුවන් නියමුවන්ගේ දක්ෂතාවය මත ඇතිවිමට ගිය අනතුරක් වලක්වාගැනීමට හැකි වූ අතර ෙමි පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරිමට ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා අදාල අංශය වෙත උපදෙස් ලබා දිම සිදු කරන ලදි

Exit mobile version