ගුවන් බලය වර්ධනය කරගැනීමේ වැදගත්කම ඉන්දීය ගුවන් හමුදාපති අවාධාරණය කරයි

ඉන්දියාවේ ගුවන් ශක්තිය වර්ධනය කිරීම දේශීය වශයෙන් මෙන්ම කළාපීය ආරක්ෂක තත්ත්වයටද ඉතා වැදගත් බවත් ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් වී.ආර්. චවුද්‍රී ප්‍රකාශ කළේය.

ඒ අනුව 2019 දී ඉන්දීය ගුවන් හමුදාව විසින් දියත් කළ ත්‍රස්ත ඉලක්ක සාර්ථකව විනාශ කළ බලකොට් මෙහෙයුම මගින් යුධ තත්ත්වයක් නොමැති වුවද ශක්තිමත් ගුවන් හමුදාක් සතුවීමේ වැදගත්කම පෙන්වූ බවද ගුවන් හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

ඉන්දීය ගුවන්හමුදාපතිවරයා මේබව සඳහන් කර සිටියේ පසුගියදා ‘ගුවන් අභ්‍යවකාශ බලය: අනාගත යුධ අභ්‍යවකාශ මෙහෙයුම් වෙත හැරීම’ යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයකදීය.


ගුවන් බලය ඉතා නම්‍යශීලිව සහ කඩිනමින් දැඩි නිරවද්‍යතාවයකින් සතුරු ඉලක්ක විනාශ කිරීමට යොදා ගැනීමට හැකිවීම යුදමය වශයෙන් ඉතාම වැදගත් සාධයක් බවට පත්ව ඇති බවද ගුවන්හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

″නිවැරදි දේශපාලන නායකත්වයක් තුලදී ගුවන් බලය තුලින් යුද්ධයත් නොමැති සාමකාමී වාතාවරණයක් තුලදී වුවද න්‍යෂ්ටික තර්ජනයක් ඇතිව තිබෙන අවස්ථාවකදී ගැටුමක් වර්ධනය නොවන ආකාරයෙන් සතුරු ඉලක්ක විනාශ කිරීමට හැකියාව හිමිවෙන බව බලකොට් මෙහෙයුම මනාව ඔප්පු කර තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

″ඉන්දියාවට තර්ජනයක් එල්ලකරනු ලබන විරුද්ධවාදීන් දෙස බලන විට රටේ දේශපාලන නායකත්වයට හදිසියේ ඇතිවන තර්ජනයක් කඩිනමින් මැඩපැවැත්වීමටත් එය ඉතා ඉහළ නිරවද්‍යතාවයකින් සිදුකිරීමට ගුවන් බලය වර්ධනය කරගැනීම ඉතාම වැදගත්බව මම යලිත් අවධාරණය කරගැනීමට කැමැත්තෙමු″ ලෙසද ගුවන්හමුදා ප්‍රධානියා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය කාලය පුරා ඉන්දීය ගුවන් හමුදාව සිය ගුවන් ශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කළ අතර එහිදී ගුවන් හමුදා ප්‍රහාකර බල ඇණිය වර්ධනය කරගැනීමට නිර්න්තරයෙන් කටයුතු කළේය. එහි තවත් එක් පියවරක වශයෙන් මේවන විට ඉන්දියවා විසින් තමන්ගේම පස්වන යුගයේ ප්‍රහාරක යානක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

Exit mobile version