ගුරු වැටුප් වැඩි කරන්න බෑ… ලබන අයවැයෙන් රාජ්‍ය සේවයේ සමස්ථය සලකා සාධාරණයක් කරන්නම්… ජී.එල් කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුරුවරුන්ගේ ගැටලුව විසඳන්නට තිබෙන හොඳ ම සහ සුදුසු ම ක්‍රියාමාර්ගය ලෙස කැබිනට් මණ්ඩලයේ තීන්දුව වූයේ මාස 03කින් ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය යෝජනා මඟින් රටේ පවතින ආර්ථික තත්ත්වය ද සලකා බලා සමස්ත රාජ්‍ය සේවය ම පිළිබඳ සාධාරණයක් කිරීම බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය.

අමාත්‍යවරයා‍ මේ බැව් පැවසූයේ අද (09) දින බත්තරමුල්ල නෙළුම් මාවතේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

“ අවුරුදු 24ක් තිස්සේ ඇදී ආ ඓතිහාසික ගැටලුවක් වන ගුරුවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ගැටලුව එසේ ම තිබිය දී රජයයන් ගණනාවක් රට පාලනය කළා. නමුත් ළමුන්ට උගන්වන්නේ නොමැති බැව් හෝ අධ්‍යයන කටයුතුවලින් ඉවත්වන බවක් කිසිම අවස්ථාවක ගුරුවරුන් විසින් මතු කළේ නෑ. රට ම කොරෝනා අවදානමක තිබිය දී, රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවය ලෙස පවතිද්දී මෙසේ ඉතිහාසයේ කිසි ම දවසක නොකළ පරිදි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම යුක්ති සහගත ද යන ගැටලුව මතුවෙනවා. හෘද සාක්ෂියට අනුව එය කොයිතරම් නම් සාධාරණ ක්‍රියාමාර්ගයක් දැ යි සිතිය යුතුයි.“

මේ පිළිබඳ රජය සංවේදී නොවේ යැ යි කිසිවකුට ත් පැවසීමට නොහැකි යි. ගැටලුව යට ගැසීමට හෝ අමතක කිරීමට රජය කටයුතු කරනවා යැ යි පැවසීමට ද කිසිවකුට කිව නොහැකි යි. මේ පිළිබඳ සාකච්ඡා කරන්නට වෘත්තීය සමිති නියෝජිතයන් කීප වතාවක් ම මුණගැසුණා. මා සමඟ කැබිනට් ඇමතිවරු ද ඒ සඳහා එක් වූනා. එමෙන් ම එම සාමාජිකයින් සමඟ ගරු අග්‍රාමාත්‍යතුමා, කැබිනට් අමාත්‍යවරු 07ක් සමඟ සාකච්ඡාවක් ද පැවැත්විණා.

මේ ගැටලුවේ දී වැටුප් හා සංඛ්‍යාලේඛන කොමිෂන් සභාව සමඟ අනිවාර්යයෙන් ම සාකච්ඡා කළ යුතු යි. ඒ අයගේ අදහස් සහ නිර්දේශ ද ලබා ගත යුතු යි. කැබිනට් මණ්ඩලය මේ පිළිබඳ දෙවතාවක් ම සාකච්ඡාවට බඳුන් කළා. ඊළඟ අය-වැයට තවත් අවුරුදු දෙක තුනක කාලයක් නෑ.. තිබෙන්නේ මාස 03ක පමණ කාලයකි. නමුත් ඔවුන්ගේ දැඩි ඉල්ලීම අද ම ගැටලුව විසඳන ලෙස යි.

“දේශපාලන අරමුණකින් තොර අති බහුතර ගුරවරුන්ට මා යොමු කරන පැනය වන්නේ එවැන්නක් ඉල්ලීම මේ අවස්ථාවේ කොයිතරම් යුක්ති සහගත ද යන්න යි. අපි ඉතාමත් සතුටට පත්වන්නේ උද්ඝෝෂණ, රථ පෙළපාලි වැනි දේ ඇතැම් අය විසින් නැවැත්වීම සම්බන්ධයෙන්. එවන් දේ පැවැත්වීමෙන් රටේ සමස්ත ජනතාවගේ ජීවිත තර්ජනයකට ලක්වෙන බව ත් කෝවිඩ් ව්‍යාප්තිය වැඩි වැඩියෙන් සිදුවන බව ද පැහැදිලි ය.

Exit mobile version