හැටන් කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ ගුරුවරියකට ඇගේ සිව්මස් බිළිඳියට සහ පස් හැවිරිදි දියණියට කොවිඩ් -19 වෛරසය අසාදනය විම නිසා එම විද්‍යාලය ඊයේ (07) සිට තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ.
එම ගුරුවරිය සමඟ සමිප සම්බන්ධතා පැවැත්වු ගුරුවරුන් සහ සිසු සිසුවියන් ස්වයං නිරෝධානයට යොමු කල බව මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් පැවසීය.
වෛරසය අසාදනය ගුරුවරිය සහ ඇයගේ දරුවන් දෙදෙනා පේරාදෙණිය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.
අදාළ ගුරුවරිය ප්‍රසූත නිවාඩු ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය මාසයේ 28 හා 30 යන දෙදින තුළ නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයට පැමිණ එම පාසලේ පංති කිහිපයකම ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බව අනාවරණය වී ඇත.
නොර්වුඩ් දමිළ මහ විද්‍යාලයේ සිසු සිසුවියන් 1500 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර එහි අචාර්යය මණ්ඩලය 72 දෙනෙකුගෙන් සමන්විතය.
කොවිඩ් -19 වෛරසය අසාදනය වු ගුරුවරිය පාසලට පැමිණි දිනයේ පාසැලට පැමිණ ඇත්තේ සිසු සිසුවියන් 800 දෙනෙකු සහ අචාර්යය මණ්ඩලයේ 58 දෙනෙකු පමණක් බව සෞඛ්‍ය අංශ පවසයි.
නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ අචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් සමඟ සමීප සම්බන්ධතා පැවැත් වු නොර්වුඩ් අවට වතුකරයේ දමිළ පාසල්වල සිසු සිසුවියන් සහ ගුරුවරුන් ආපසු නිවාස කරා යැවීමට වෙනත් විදුහල වල විදුහල්පතිවරුන්ද පියවර ගෙන තිබේ.