ගිහි කල නිවාස රහිතව සිටි සාමනේර හිමිවරුන් සිව් නමකගේ දෙමව්පියන්ට නිවාස තනාදීමට ලොකු හාමුදුරුවන් එකතු කළ ලක්ෂ 23ක් සොරකම් කරලා…

සුමිත් පොතුපිටිය –

පයාගල ප්‍රදේශයේ විහාරස්ථානයක මහනදම් පුරන සාමනේරු හිමිවරුන් සිව්දෙනෙකු ගේ දෙමව්පියන්ට ඉදිරියේ දි යෙදෙන සාමනේර දිනය වෙනුවෙන්  නිවාස තනාදීමට   සම්මාදම් කර තිබූ රුපියල් ලක්ෂ 23 කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පයාගල පොලිසිය පවසයි.

විහාරස්ථානයේ නායක හිම් නමක් ඊයේ (27) කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පැවසීය.

ඉදිරියේදී යෙදෙන පිරිවෙන් දිනය නිමිත්තෙන් නිවාස නොමැති සාමනේර හිමිවරුන් සිව්දෙනෙකු ගේ දෙමව්පියන් වෙත නිවාස තනාදීම සදහා මෙම මුදල් සම්මාදම් කර තිබූ බවද සඳහන් වේ.

පෙරදින රාත්‍රි විහාරාධිපති හිමියන් ආගමික වතාවත් සිදුකරන අතරතුර සොරකම සිදුව ඇති බවත් , ඒ මොහොතේ අල්මාරියේ යතුර ආවාසගෙයි බංකුවක් මත යතුර තිබී ඇතැයිද පොලිසිය සදහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පයාගල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති

Exit mobile version