ගිය වසරේ බන්ධනාගාරගත කළ රැඳවියන් අතර උසස් පෙළ සමත් 1165ක්… උපාධිධාරීන් 56ක්…

ලලිත් චාමින්ද – 

මෙරට බන්ධනාගාර තුල ඉකුත් වර්ෂයේ (2020) බන්ධනාගාරගත කරනු ලැබු රැදවියන්  19856 දෙනාගෙන්  රැදවියන් 1165 දෙනෙක් අ.පො.ස.  උසස්පෙළ සමත් අය බව  බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.  

මෙම රැදවියන් අතුරින් උපාධිධාරින් සංඛ්‍යාව 56 දෙනෙකි. අ.පො. ස. සාපෙළ සමත්  රැඳවියන් සංඛ්‍යාව 3845 දෙනෙකි.

ඉකුත් වර්ෂයේ බන්ධනාගාරගතවු  රැඳවියන් අතුරින් රැදවියන් 7352 නෙකු අට ශ්‍රේණිය සමත් අය බවද බන්ධනාගාර දේපාර්තමේන්තුව පවසයි. පාසල් නොගිය රැදවියන් සංඛ්‍යාව  590 දෙනෙකි. පළමු හා පහ ශ්‍රේණිය දක්වා  අධ්‍යාපනය ලැබු රැදවියන්  2417 දෙනෙකු මේ අය අතර සිටින බවද බන්ධනාගාර  දොපාර්තමේන්තුව පවසයි.


ඉකුත් වර්ෂයේ මිනි මැරුම් සම්බන්දයෙන් රැදවියන්  48 දෙනෙකු, මිනි මැරුම්තැත් කිරීම සම්බන්ධයෙන් රැදවියන් 57 දෙනෙකු, සාපරාධි මනුෂ්‍ය ඝාතනයට උත්සාහ කිරීම සම්බන්දයෙන් රැදවියන්  25 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බවද බන්ධනාගාර දේපාර්තමේන්තුව පවසයි. 

සාපරාධි මනුෂ්‍ය ඝාතන  සම්බන්දයෙන් 30 දෙනෙකු, පැහැරගෙනයාම සම්බන්දයෙන් 07 දෙනෙකු, ස්ත්‍රි දුෂණ සම්බන්දයෙන් 87 දෙනෙකු, සුළු හා බරපතල තුවාල  සිදුකිරිම් සම්බන්දයෙන්  175 දෙනෙකු බන්ධනාගාරගතව සිටිති.

මේ අතර සාපරාධි බලහත්කාරය හා බියගැන්විම් සම්බන්ධයෙන් 38 දෙනෙකු, නීත්‍යායානුකුල නොවන සංසර්ගය හා උත්සාහ කිරිම 09 දෙනෙකු, සියදිවිහානිකරගැනිමට තැත් කිරිම සම්බන්ධයෙන්   03 නෙකු, ගෙවල් බිදිම හා කොල්ලකැම සම්බන්දයෙන්  717 දෙනෙකු, අයුතු ලෙස ඇතුල්විම  ගෙවල් බිඳින උපකරණ ළග තබාගැනිම සම්බන්ධයෙන්  384 දෙනෙකු  ඉකුත් වර්ෂය තුළ බන්ධනාගාරගතව සිටිති. 

සොරකම් සම්බන්ධයෙන් 811 දෙනෙකු, පැහැරගැනිම් හා මංකොල්ලකැම් සම්බන්දයෙන්  284 දෙනෙකු හා වෙනත් අපරාධ සම්බන්දයෙන්  16 831 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බවද බන්ධනාගාර දේපාර්තමේන්තුව පවසයි. 

ගිය වසරේ මරණිය දණ්ඩනය නියමවු රැඳවියන් සංඛ්‍යාව 93 දෙනෙකි. මරණිය දණ්ඩනය ක්‍රියාත්ම කිරිමට හෝ අවසන් තිරණය ලිහිල් කිරීමට සිටින සිරකරුවන් සංඛ්‍යාව  93 දෙනෙකි.

මේ අතර ඉකුත් වර්ෂය තුළ   බන්ධනාගාර රැඳවියන්ගෙන්  කාන්තාවන්  395 දෙනෙකු හා පිරිම පුද්ගලයින් 19461 දෙනෙකු සිටින බවද බන්ධනාගාර දේපාර්තමේන්තුව පෙන්වා දෙයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉකුත් වර්ෂයේ  බන්ධනාගාරගතවු සංඛ්‍යාව ලක්ෂයකට 91 දෙනෙකු බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version