ගිං ගඟ ආශ්‍රිත පදිචිකරුවන් ගංවතුර අවදානමක…

අවට නිරෝධායනය වන අය යුද හමුදාවේ සහයෝගය ඇතිව ආරක්ෂිත ස්ථානවලට 

ගාල්ල ලලිත් චාමින්ද –

ධාරාණිපාත වාර්ෂාවත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක සුළු ගංවතුර තත්වයක් ඇති වි තිබෙන ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ  පවසයි.

විශේෂයෙන් ගිංගග ආශ්‍රිත පදිංචිකරුවන් දැඩි අවධානයෙන් පසුවන ලෙසද දිස්ත්‍රික් ලේකම් වරයා  ගිංගග ආශ්‍රිත පදිංච ජනතාවගෙන් ඉල්ලා සිටි. නෙළුව තවලම,  නාගොඩ වැලිවිටය දිවිතුර, යක්කලමුල්ල ඉමදුව නියාගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට අයහපත් කාලගුණික තත්වය බලපා ඇති බවද  දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය. ඇතිවි තිබෙන ආපදා තත්වය පිළිබද ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය මගින් ජනතාව දැනුවත් කිරිමට කටයුතු කරන බව පවසන දිස්ත්‍රික් ලේකම්වරයා අපදා තත්වය පිළිබද ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ප්‍රාදේශිය ලේකම්කාර්යාලවල නිලධාරින් එම කටයුතු  සොයා බලමින් කටයුතු කරණ බවද  ඒ මහතා පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගිංගග ආශ්‍රිතව පදිංචි නිවෙස්වල නිරෝධායන  වෙමින් සිටින පුද්ගලයින් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව ආරක්ෂිතව වෙනත් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාමට සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version