බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් පිපිරීම් නිසා බියපත් ජනතාව ගැන රජය කණගාටු වෙයි- ඉදිරි පැය 48 තුළ විසදුමක්

by Lanka Sara Editor
නොවැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෑස් ප්‍රශ්නය පිළිබඳ හා ගෑස් නියාමනය සඳහා ආයතනයක් නොමැති වීම ගැන රජයක් ලෙස කනගාටුව පමණක් නොව, ලැජ්ජාවට ද පත්වන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ජනතාව බියවී සිටින ගෑස් අර්බුදය සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළ ආයතන, විෂය භාර අමාත්‍යාංශ මෙන්ම අදාළ සියලුම පාර්ශ්ව ජනාධිපතිවරයා විසින් කැඳවා ඒ පිළිබඳ සොයාබලා ඉදිරි පැය 48 තුළ තීරණයක් ප්‍රකාශයට පත්කරනු ඇති බවට අපේක්ෂා කරන බව හෙතෙම කීය.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

“මේ ගෑස් ටැංකියේ පිපිරීමක් ගැන කොහෙවත් වාර්තා වෙලා නෑ. නමුත් ඒ ආශ්‍රිත පිපිරීම් ගැන වාර්තා වෙලා තියෙනවා. එහිදී සංඛ්‍යාත්මකව ඒ පිළිබඳ බැලුවහම යම් අස්වාභාවික තත්ත්වයක් තියෙනවා කියන කාරණය අපි පිළිගන්නට ඕන. දැන් ඊයේ ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිතුමා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා පාර්ලිමේන්තුවට. ඒ වගේම අද පෙරවරුවේත් එතුමා එවැනි ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

2015 ඉඳලා මේ වසර දක්වා එවැනි පිපිරීම් දෙසිය තිස් තුනක් සිදු වූ බව රාජ්‍ය අමාත්‍යවරයා ගේ පැහැදිලි කිරීමේ තිබුණා . එසේනම් වසරකට විය යුත්තේ 35ත් 40ත් අතර සංඛ්‍යාවක්. එතකොට මාසෙකට තුනක් හතරක් වැනි සංඛ්‍යාවක් විය හැකියි. නමුත් සමහර වර්ෂවල දී කිසිදු ආකාරයක මෙවැනි සිද්ධීන් වාර්තා වෙලා නෑ. එවැනි වර්ෂ තුන හතරක් තිබෙනවා. ඒ නිසයි මම කිව්වේ අස්වාභාවික භාවයක් මෙතැන තියෙනවා කියලා.

පළවෙනි කාරණය තමයි මේක අස්වාභාවික තත්ත්වයක්. දෙවෙනි කාරණය තමයි ගෑස් ටැංකි පිපිරීමක් කොහෙවත් වෙලා නෑ. තුන්වැනි කාරණය තමයි රාජ්‍ය ආයතන ඇතුළේ මේ නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙළක් නියාමන ආයතනයක් තිබිලා නෑ.

ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිතුමා පැහැදිලිව කිව්වා මෙහි පීඩනය මැන බැලීම සඳහා රස පරීක්ෂකවරයාට යම් අධිකාරි මේ බලයක් තිබෙනවා. ඔවුන්ට ඒ අවබෝධය තිබෙනවා නමුත් මෙහි සංයුතිය සඳහා, මම තාක්ෂණවේදී ඉන්නේ මේ පිළිබඳ විෂය දැනුම ඇති කෙනෙක් නෙමෙයි, මේ පිළිබඳ සොයා බැලීම සඳහා එම නියාමන ආයතනයක් තිබුනෙ නෑ. ඒ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මොරටුව විශ්ව විද්‍යාලයටත් ඒ පිළිබඳව තොරතුරු ලබාදී තිබෙනවා එම පරීක්ෂණ කටයුතු කෙරෙනවා. අද දවසේ තවත් එවැනි පිපිරීම් ආශ්‍රිතව ස්ථාන 12ක වෙච්ච සිදුවීම් පිළිබඳ පිළිබඳව අදත් ලබාදෙනවා කියන කාරණය.

මේ සියලුම පාර්ශව එකතුවෙලා ජනාධිපතිතුමත් එකට එකතු වලා මේ පිළිබඳ කඩිනමින් සොයා බැලීම සඳහා අවශ්‍ය තීරණයක් අද හෝ හෙට ප්‍රකාශයට පත් කරයි කියලා අපි අපේක්ෂා කරනවා.

ජනතාව තැති ගැනීමකින් බියකින් ඉන්නවා ඒ ගැන අපි කණගාටු වෙනවා. රජයක් විදියට අපට වගකීමක් තිබිය යුතුයි ඒ පිළිබඳ නියාමනයක් ආයතනයක් තිබුණේ නෑ කියලා අපිට වගකීමෙන් මිදෙන්න බෑ. ප්‍රාථමික බොළඳ ප්‍රකාශ කරනවා නෙමෙයි මේක අපේ වගකීම. මේ නියාමනයට අපි ආණ්ඩුවක් විදියට අවතීර්ණ වෙලා තියනවා මේ සිදුවීම් වෙන්න කලින් තමයි සැප්තැම්බර් මාසේ විෂය භාර අමාත්‍යවරයා ඒ පිළිබඳ දැන්වීම් පවා දාලා කටයුතු පටන් ගත්තේ. කනගාටු විතරක් නෙමේ අප ලැජ්ජාවටත් පත් වෙන්න ඕන, ප්‍රමාද වෙලා හරි මේ නියාමනය කිරීම සඳහා සඳහා වූ ක්‍රියාමාර්ග වේගවත් කිරීමට කටයුතු කිරීම සුබදායි වැඩදායි වේවි. මේ පිළිබඳ හොඳ විසඳුමක් ඉදිරිි පැය 48 ඇතුළත ලැබේවි කියලා අපි අපේක්ෂා කරනවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලුම ඇමතිවරු පාර්ලිමේන්තු  එන්නෙ ජනපති එන දාට මූණ පෙන්වන්න… කතා නායක කියයි! 

Next Post

ප්‍රොපේන් බියුටේන් ප්‍රතිශතය 49 -51යි… පාර්ලිමේන්තුවට ඇත්ත නොකියන්නේ ඇයි?…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.