මිනී ගොඩගැසෙන්නට නියමිතයි… ගෑස් නැති නිසා ආදාහනාගාර වැසී යන තත්ත්වයක්!

ගැස් සිලින්ඩර් හිඟය නිසා කොවිඩ් වෛරසය අසාදනය විමෙන් ජිවිතක්ෂයට පත් අයගේ දේහ අදහනය කිරීමට අදහනාගාරවලින් භාර නොගන්නා තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් දික්ඔය මුලික රෝහලේ කොවිඩ් වෛරසය අසාදනය විමෙන් ජිවිතක්ෂයට පත් අයගේ සිරුර මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ආදාහනාගාර සඳහා අවශ්‍ය කිලෝ 37.5 ගෑස් සිලින්ඩර් හිඟයක් ද පවතී. මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ එයයි.


හැටන් , බගවන්තලාව , මස්කෙලිය යන ප්‍රදේශවල (30) දින කොවිඩ්- 19 වෛරසය අසාදනය විමෙන් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත් වි ඇත.

ජිවිතක්ෂයට පත් අයගේ මරණ පරික්ෂණ සහ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කර තිබියදි එම දේහයන් අදහනාගාර වෙත ගැස් නොමැති විම නිසා භාර නොගැනිම හමුවේ ජිවිතක්ෂයට පත් අයගේ ඥාතින් දැඩි අපහසුතාවයට පත් වි ඇත.

නොර්වුඩ් , කොටගල , තලවකැලේ යන අදහනාගාර වලට මෙම ගැටළුව මතු වි ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවත්නා තත්ත්වය මත නුවරඑලිය මහ නගර සභා යටතේ පාලනය වන නුවරඑලිය අදහනාගාරය වෙත විශාල මුදලක් මල් ශාලාව වෙත ගෙවා කොවිඩ් අසාදිත සිරුරු ආදාහනය කිරිම සදහා රැගෙන යාමට ජනතාවට සිදු වි ඇත.

Exit mobile version