ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින්, ත්‍රීකුණාමලයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට පත්ව අසාධ්‍ය වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් විදෙස් නෞකාවක සහයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව ( 06) කටයුතු කර තිබේ.
ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී හදිසි අනතුරකට පත්ව තුවාල ලබා අසාධ්‍යව සිටින ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකළ දැනුම් දීමකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස නාවික හමුදාව මෙම මෙහෙයුම දියත් කර ඇත.
එහිද අසාධ්‍ය රෝගියා ගොඩබිමට රැගෙන ඒමට සහය වන ලෙස නැගෙනහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ MV SSI Surprise නෞකාව දැනුවත් කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
ඒ අනුව, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා MV SSI Surprise නෞකාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් අද උදෑසන ( 06) ගොඩබිම ආසන්නයට රැගෙන ඒමෙන් පසු, නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් එම ධිවරයා කඩිණමින් ත්‍රීකුණාමලය වරායට රැගෙන විත් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇත.







