ගැබිනි මව්වරුන්ට දුන් පෝෂණ මල්ල කප්පාදු කරලා. වහාම එය ලබා දෙන්න! විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි.

ගැබිනි මව්වරුන් වෙනුවෙන් ලබා දුන් රුපියල් 2000ක පෝෂණ මල්ල රුපියල් 4500ක් දක්වා වැඩි කිරීම අගය කළ යුතු වුවත් එය මාසික ආදායම රුපියල් 50000ට අඩු මව්වරුන් කියා සීමා කර ඇති බවත් මේ හේතුවෙන් රජයේ සේවකයන් ඇතුළු බොහෝ මව්වරුන් මේ සහනාධාරයෙන් කප්පාදු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටිනේ අද (8) පාර්ලිමේන්තුවෙ ඇමතූ අවස්ථාවේ දී ය.

මෙවැනි අධි උද්ධමන කාලයක් තුළ එවැනි සහනාධාර කප්පාදුවක් සුදුසු නොවන බවත් එක්ලක්ෂ පනස් දහසක් පමණ වන ගැබිනි මව්වරුන්ට මෙම සහනාධාරය ලබා දීමට මාසිකව රුපියල් මිලියන 675- 700ක් වන බවත් එය වාර්ෂිකව රුපියල් බිලියන 8ක මුදලක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. දැනටහත් යුනිසෙෆ් සංවිධානයෙන් දිස්ත්‍රික්ක 7ක අවුරුදු 2ට අඩු දරුවන් එක්ලක්ෂ පන්දහසකට රුපියල් 6750ක් ලබා දෙන බවත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් කාන්තා දිනය දවසේ සිට හෝ මෙම රුපියල් 4500ක දීමනාව මෙරට සිටින සියලුම ගැබිනි මව්වරුන්ට ලබා දෙන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය


Exit mobile version