ගැබිණි මව්වරුන්ටත් වැඩි බලපෑමක්! සුදුසු එන්නතක් දියයුතුයි

කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ පවසයි

ගැබිණි භාවයේ පසුවන මව්වරුන් දැනට පවතින කොවිඩ් ප්‍රභේදය හමුවේ වඩාත් සංවේදි තත්ත්වයක් පෙන්නුම් කරන බවත් එබැවින් ඔවුන්ට කොවිඩ් සඳහා සුදුසු එන්නතක් ලබා දීම අතිශයින්ම වැදගත් බව කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් සඳහා වූ ජාතික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධානී ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ අවධාරණය කරයි. මේ වනවිට පවතින මෙරට තුළ ව්‍යාප්ත වන වෛරසයේ ප්‍රබලත්වය සහ පැතිරීමේ වේගය වැඩි බැවින් ඔවුන්ට සුදුසු එන්නතක් හරහා කොවිඩ් රෝගයට එරෙහිව ප්‍රතිශක්තියක් ලබා දිය යුතු යයි වෛද්‍ය දෙවොලගේ තවදුරටත් සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍යවරයාට අනුව මේ වනවිට එක් ගැබිණි මවක් කොවිඩ් ආසාදනය හේතුවෙන් මිය ගොස් ඇති අතර තවත් මව්වරුන් පස් දෙනකු පමණ අසාධ්‍ය මට්ටමක පසුවෙයි. එයට අමතරව අද පෙරවරු 10.00 පමණ වනවිට ලැබී ඇති සංඛ්‍යා‍ලේඛනවලට අනුව ගැබිනි මව්මවරුන් සිය දෙනකු පමණ ආසාදිතයන් ගොන්නට එකතු වී ඇත. එය බරපතල තත්ත්වයක් බව පෙන්වා දෙන වෛද්‍ය දෙවොලගේ පවසන්නේ මේ මොහොතේ ත්තත්වයේ බරපතලකම වටහාගෙන වගකීමෙන් යුක්තව ක්‍රියා කළ යුතු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී තවදුරටත් අදහස් දැක්වු වෛද්‍ය දෙවොලගේ “ මේ වනවිට ශ්‍රි ලංකාවේ ව්‍යාප්ත වන නව කොවිඩ් වෛරස ආකාරය අප හිතුවාට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙනවා. එයින් ආසාදිතයන්ට වැඩි බලපෑමක් ඇති බව පේනවා. මේ වනවිට ඇතැම් රටවල් මේ තත්ත්වය අවබෝධ කරගෙන ගැබිනි මව්වරුන්ටත් එන්නත ලබා දෙනවා. නමුත් ඔවුන්ට ලබා දිය යුත්තේ කවර එන්නතද යන්න පිළිබඳව ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති අය තීරණය කළ යුතුයි. අප අවධාරණය කරන්නේ සිදුවිය හැකි මාතෘ මරණ අවම කර ගැනීමට නම් මෙම ඔවුන්ට එන්නත්කරණය සම්බන්ධයෙන් පියවරක් ගත යුතු බවයි. “ යයි පැවසීය.


Exit mobile version