ගාල්ල ජනප්‍රිය පාසලක මුදල් වංචා සිද්ධියට අද සැකපිට අත්අඩංගුවට ගත් නිලධාරිණියක් වස පානය කරයි!

ලලිත් චාමින්ද –

ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය පාසලක පාසල් සංවර්ධන සමිතියේ ගිණුමෙන්  කුට ලේඛන සකස්කොට  රුපියල් විසිඑක් ලක්ෂපනස්හය දහස් දෙසියක්  (2156,200) ක මුදලක් වංචාකිරිමේ සිද්ධියට සම්බන්දයෙන් අද අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ  අනධ්‍යයන කාර්යමණ්ඩලයේ කළමණාකරණ සංවර්ධන නිලධාරිණිය බන්ධනාගාරයට රැගෙන යද්දී මදුරු තෙල් පානය කොට ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි .

ඇය මදුරුතෙල් කුප්පියක්  සාරියේ සඟවාගෙන පැමිණ ඇති අතර  බන්ධනාගාර බස් රථයෙන් ගාල්ල බන්ධනාගාරය වෙත රැගෙන එද්දී මදුරු තෙල් පානය කොට ඇත.

ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ගාල්ල පොලිසියේ   විශේෂ වංචා විමර්ශන අංශය  මගින් අත්අඩංගුවට ගෙන ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල  වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස දෙවන දින දක්වා රක්ෂිත බන්ධනාගාර බන්ධනාගාර ගත කරනු ලැබීය .


2020/ 2021  යන වර්ෂවල දි චෙක්පත්වල අගය වෙනස්කොට  පාසල් සංවර්ධන සමිතියේ  ගිණුමෙන් මෙම මුදල වංචාකොට ඇති බැව් පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව පාසලේ වත්මන් විදුහල්පතිවරයා විසින් ගාල්ල පොලිසියේ වංචා විමර්ශන අංශයට පැමිණිලිකොට තිබුණි. මේ පිළිබද පොලිසිය විසින්   විමර්ශනය කොට සැකකාරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය

Exit mobile version