‘ගාණ කීයද?’ ඇසූ බීමත් තරුණයාට ඉලඇට කැඩෙන්න තරුණියක් පහර දීලා

දිනසේන රතුගමගේ:

යාපනය ප්‍රධාන බස් නැවතුම්පලේදී තරුණියක් තරුණයෙකුට ඉලඇට බිදෙන තුරු 6 දා සවස පහර දී තිබේ.

ඥාතියෙකුගේ නිවසකට යාම සදහා වයස අවුරුදු විසිහයක තරුණියක් සවස් කාලයේදී බස් නැවතුම්පලේ බසයක් පැමිණෙන තුරු බලාසිටි අවස්ථාවේදී ඒ අසලට පැමිණි බීමත් තරුණයෙකු එම තරුණියගෙන් ‘ඇගේ ගාන කියදැයි’ විමසා තිබේ.


පලමුව තරුණිය නිශ්ශබ්දව සිට ඇති අතර තරුණයා වාර කීපයක්ම එසේ විමසමින් තරුණිය අසලට පැමිණි අවස්තාවේදී ඇය පහර දී තිබේ.

තරුණිය කළ පහරදීම නිසා තරුණයා බිම ඇද වැටී යළි නැගිටීමට උත්සහ කළ අවස්ථාවේදී වෙරිමත නිසා අසල වූ කාණුවකට ඇද වැටී තුවාල ලබා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස් නැවතුම්පලේ සිටි පිරිසක් තරුණයාව රෝහල් ගත කොට ඇති අතර තරුණියට අදාල බස්රථය පැමිණීමෙන් පසුව ඇය එහි නැග සිය ඥාතියාගේ නිවසට ගොස් තිබේ.

Exit mobile version