ගස් කොටයක පෝස්ටරයක් හදා ඔබට පින් යැයි සඳහන් කර ජනපතිට එවලා….

දිරාගිය ගස් කොටයක් සහිත පෝස්ටරයක් නිර්මාණය කර ඔබට පින් යැයි එහි ලියා තමන්ට එවා තිබූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) හික්කඩුව ගලගොඩ, නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ජනපද කණිටු විදුහලේ දී පැවති   ගම සමග පිළිසඳර වැඩ සටහනේ 14 වැනි අදියරේ දී ජනතාව අමතමිනි.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.


මේ දවස්වල විශාල වශයෙන් කියනවා අපි පරිසරය විනාශ කරනවා කියලා. මට පෝසටර් එකක් එවලා තියනවා දිරච්ච ගස් කොටයක් දාලා ඔබට පින් කියලා. අඩුම තරමින් අලුතින් කපපු ගස් කොටයක් දාපන්. තාම අවුරුද්දයි මම ඇවිත්. කොහොම ද දිරන්නේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නැගෙනහිර සමහර නිලධාරීන් වැරදි විදිහට බලපත්‍ර දීලා තියෙනවා. අපි දීපුවා නෙමෙයි පහුගිය ආණ්ඩුව දීපුවා. මම දැන් කියලා තියෙනවා මේවා නවත්වන්න කියලා’

Exit mobile version