ගම්මන්පිලගේ විශ්වාස භංගයේදි පොහොට්ටුව හැසිරෙන හැටි ලේකම් සාගර කියයි

මෙරට ඉන්ධන මිල වැඩි කිරිමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙසින් දරන ස්ථාවරයේ වෙනසක් නැතත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාස භංග යෝජනාවේදී විපක්ෂයට බොර දියේ මාලු බෑමට හෝ රජය අපහසුතාවට පත් කරන ආකාරයට කටයුතු කිරීමට පොදුජන පෙරමුණේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නිතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙම විශ්වාස භංග යෝජනාවේදි ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සෙසු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් කාරියවසම් මහතා පවසන්නේ තමන් එම ලිපිය මඟින් ප්‍රකාශ කළේ ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය සම්බන්ධයෙන් නොව ඉන්ධන මිල වැඩි කරන තත්ත්වයට බලශක්ති අමාත්‍යංශය ක්‍රියා කිරීම පිළිබඳව බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අප එම ලිපිය මඟින් ප්‍රකාශ කළේ පක්ෂ සාමාජිකයාගේ මතය යි. මේ රටේ ජනතාව ගැන සිතා කටයුතු කරන පක්ෂයක් ලෙස අපිට ඒ පිළිබඳව සම්පූර්ණ අයිතිය තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඉදිරි තිරණය ගනිවි. ජනතාවට සහන සැලසීම කියන්නේ එක දෙයක්. රජය අපහසුතාවට පත් කිරීම කියන්නේ තව දෙයක්. කොහොම වුණත් විහ්වාස භංගය පිළිබඳව ප්‍රශ්නයේදී අනවශ්‍ය ලෙස විපක්ෂ උගුල්වලට හසුවී කටයුතු කරන්න කැමති නෑ. අප පක්ෂ ස්ථාවරය ජනතාව වෙනුවෙන් මිසක් විපක්ෂය ශක්තිමත් කිරීමට නොවෙයි. එය ඉදිරියේදී පක්ෂ නායකයින් විසින් ගත යුතු තීරණයක්. මේ වනවිට රට ඉතා අසීරු අවස්ථාවක තිබෙන්නේ . මේක අපි තේරුම් අරන් කිසියම් වූ පාර්ශ්වයකට බොර දියේ මාලු බාන්න දෙන්නේ නෑ. ආණ්ඩුව රැක ගැනීමේ මූලික වගකීම අපිට කියනවා. ඒ වගකීමෙන් මිදෙන්නේ අනිසි වාසි ගන්න තත්ත්වයක අපි පක්ෂයක් හැටියට නෑ.“ යයිද පැවසීය.

Exit mobile version