ගම්පහ සෞඛ්‍ය ලොක්කා හෝටලයක කොවිඩ් මර්දනය කරන හැටි

ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් කොවිඩ් මර්දන රාජකාරි සඳහා සේවකයන් අනුයුක්ත කරන බව පෙන්වා අවන්හලක සේවය සඳහා යවන බවට අනාවරණය වී තිබේ.

පෞද්ගලික රූපවාහිනී නාළිකාවක ගවේෂණ මාධ්‍යවේදියකු විසින් මේ තොරතුරු රූප රාමු සහිතව හෙළිකරගෙන ඇත.

කොවිඩ් මර්දන රාජකාරි සඳහා සෞඛ්‍ය සේවකයන් බැහැර යවන ලොග් සටහන් පොත්වල සඳහන් කර ඇත්තේ මොවුන් රාජකාරි කටයුතු සඳහා බැහැර ගිය බවට ය.


ඔවුන් මෙලෙස ගම්පහ ඒකල පිහිටි අවන්හලක අලුත්වැඩියා කටයුතු සඳහා දින ගණනක් තිස්සේ යොදවා ඇත්තේ තර්ජනාත්මක ලෙස සෞඛ්‍ය සේවකයන්ට තරවටු කර බවට ද වාර්තා වේ.

මෙම අවන්හල ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයාට හෝ ඔහුගේ සමීපතමයකුට අයත් අවන්හලක් බව ද පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිල රථයක් ද මෙහි වරින් වර විවිධ කටයුතු සඳහා පැමිණෙන බවට ද පෙනී ගොස් තිබේ.

Exit mobile version