ගම්පහ බාලවයස්කාර දැරිය අඹුකමට තබාගෙන ඝාතනය කළ පුද්ගලයාගේ මව් පියන් අත්අඩංගුවට…..

තිලකරත්න දිසානායක –

වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරිවියක් අඹුකමට තබාගෙන සිටියදී ඇය ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඹුකමට තබාගෙන සිටි බව කියන පුද්ගලයාගේ මව සහ පියා අද (16) අත් අඩංගුවට ගනු ලැබූ බව බෙම්මුල්ල පොලීසිය සදහන් කරයි.

මෙසේ අත් අඩංගුවට ගනු ලැබ ඇත්තේ බෙම්මුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් යක්කල, බුලත්ගංගොඩ පදිංචි 62 හැවිරිදි සැකකරුගේ පියා සහ 55 හැවිරිදි මවය.

බාල වයස්කාර දැරියක් අඹුකමට නිවසේ තබා ගැනීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත මෙම යුවල මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පසුගිය 11 වෙනි දින බාල වයස්කාර දැරියට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් 27 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරෙකු වශයෙන් කටයුතු කරන අයෙකු බෙම්මුල්ල පොලීසිය මගින් මෙයට පෙර අත් අඩංගුවට ගෙන තිබිණි.


අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ මව සහ පියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර ගේ අධීක්ෂණය යටතේ බෙම්මුල්ල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිලුම් රත්නායක ගේ මෙහෙයවීමෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version