ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 04ක්   හුදකලා කෙරේ…

ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙනියාව පොලිස් වසමේ පොල්හේන හීරළුගෙදර සහ  කළුඅග්ගල පොලිස් වසම් සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ප්‍රදේශය හුදකලා කර ඇති බව කොවිඩ්  19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

අද රාත්‍රී 08 සිට නැවත දැනුම් දෙන තුරු මෙසේ හුදකලා කරන බව එම මධ්‍යස්ථානය දන්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව කළුතර පොලිස් බල ප්‍රදේශයේ මීගහතැන්න, මිරිස්වත්ත, පැවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාමසේවා වසම් සහ ත්‍රී කුණාමලයේ පුම්පුහාර් පොලිස් වසමත්,  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් අද රාත්‍රී 8 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කරලා තිබේ.


Exit mobile version