ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

ගණදෙවි කෝවිල හා පන්සල

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ  කිළිනොච්චිය මණ්ඩපයේ බුදු මැදුරට ප්‍රහාර එල්ල කොට බුදු පිළිමවලට හානි සිදු කරණ ලද්දේ විශ්ව විද්‍යාල බලධාරීන් එම භූමිය තුළ ඇති ගණදෙවි කෝවිල සංවර්ධනය නොකිරීමට විරෝධය පලකිරීමක් වශයෙන් බව කිළිනොච්චියේ වැසියෝ කියා සිටියහ.

විශ්වවිද්‍යාල භූමියේ පිහිටි බෞද්ධ විහාරය ඉතා ලංකාර ලෙස ඉදි කිරීම සඳහාත් පවත්වා ගෙන යාම සඳහාත් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ගෙන යන උත්සාහය එම විශ්වවිද්‍යාල භූමියේම ඇති ගණ දෙවි කෝවිල නගා සිටුවීම සඳහා පියවර නොගැනීම මේ ප්‍රහාරයට හේතුව විය හැකි බවද එම වැසියෝ කියා සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර තෛපොංගල් දිනයේදී කිළිනොච්චිය විශ්ව විද්‍යාල භූමියේ පිහිටි ගණ දෙවි කෝවිලේ පූජාවක් පැවැත්වීමට ගිය  දෙමළ සිසුන් පිරිසක් මේ සම්බන්ධයෙන් දැඩි කණගාටුවෙන් කතා කළ බවද එදිනම රාත්‍රියේ බුදු පිළිමයට ප්‍රහාර එල්ල වී ඇති බවද කිළිනොච්චියේ වැසියෝ කියා සිටියහ.


Exit mobile version