ගංවතුරෙන් යටවූ පාරේ ගමන් ගත් අයෙක් සැඩ පහරට හසුව මරුට…

ලලිත් චාමින්ද –

නාගොඩ තල්ගස්වල මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු සැඩපහරකට හසුවි  දියේ ගසාගෙන  යාමෙන් මියගොස් ඇති බැව් නාගොඩ පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ නාගොඩ ,වාඩියකන්ද, මුලන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන  42 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහු ගංවතුරෙන් යටවි ඇති තල්ගස්වල මාර්ගයේ ගමන් කරමින්  සිටියදි සැඩපහරකට හසුවි ගසාගෙන යාමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 මියගිය පුද්ගලයාගේ මෘතදේහය මාපලගම ප්‍රදේශයේ ලිබඩුවෙළෙඳ සැලක් අසල තිබියදි පොලිසිය මගින් සොයාගෙන ඇත.


Exit mobile version