කෝප් සහ කෝපා කමිටු රැස්වීම් අත්හිටුවයි

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) මගින් පැවැත්වීමට නියමිතව තිබූ කමිටු රැස්වීම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ්-19 වසංගතයේ වත්මන් තත්ත්වය හේතුවන මහජන ඒකරාශි වීම් නැවැත්වීමට රජය විසින් තීරණය කරනු ලැබීමත් සමග කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත සහ කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.

Exit mobile version