කෝටි 600ක කුඩු සල්ලි එහා මෙහා කළ දෙහිවල කත අත්අඩංගුවට

බැංකු ගිණුම් 5ක් පවත්වාගෙන යමින් සිව් වසරක් තුළ රුපියල් කෝටි 600 ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් හුවමාරුකල දෙහිවල ප්‍රෙද්ශයේ පදිංචි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

41 හැවිරිදි එම කාන්තාව ගැන තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය විසින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම මුදල් ඇගේ ගිණුමට බැරවූ ආකාරයන් සහ එම මුදල් ගිණුමෙන් ඉවත්කර යොදා ගත්තේ කුමන කාර්යකටදැයි කියන්නට ඇයට නොහැකි වී ඇති බැවින් මුදල් විශුද්ධිකරණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. ඇගේ ගිණුමට මුදල් බැරවී ඇත්තේ ප්‍රාෙද්හීය මත්කුඩු ඡාවාරම්කරුවන්ගෙන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටින්නන්ගෙන් බව විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි ද අජිත් රෝහණ මහතා පැවැසීය.


Exit mobile version